එහිදී ශුභාරංචිය දේශනාකළෝය.
ස්තේපන් නිසා හටගත් පීඩාව කරණකොටගෙන විසුරුවනු ලැබුවාවූ අය යුදෙව්වරුන්ට මිස වෙන කාටවත් වචනය නොකියා, පෙනිකියද කුප්‍රසද අන්තියෝකියද දක්වා ගමන්කළෝය.
මනුෂ්‍යයෙනි, නුඹලා මේ දේවල් කරන්නේ මක්නිසාද? අපිත් නුඹලා සමාන ගති ගුණ ඇති මනුෂ්‍යයෝය, නුඹලා මේ නිෂ්ඵල දේවලින් දුරුව, අහසත් පොළොවත් මුහුදත් එහි ඇති සියල්ලත් මැවූ ජීවමාන වූ දෙවියන්වහන්සේ වෙතට හැරෙන පිණිස ශුභාරංචිය නුඹලාට ගෙනෙමුව.
ඔව්හු ඒ නුවර ශුභාරංචිය දේශනාකොට, බොහෝ දෙනෙක් ගෝලයන් කර, ලුස්ත්‍රාවටද, ඉකෝනියටද අන්තියෝකියටද හැරී ඇවිත්:
ඔහු දර්ශනය දුටු කල, ඔවුන්ට ශුභාරංචිය දේශනාකරන්ට දෙවියන්වහන්සේ අඬගැසූ බව තේරුම්ගෙන, එකෙණෙහිම මකිදෝනියට යන්ට අපි උත්සාහකෙළෙමුව.
පාවුල් තමාගේ පුරුද්ද ලෙස ඔවුන් ළඟට ගොස්, සබත් දවස් තුනක් ඔවුන්ට කථාකර, ලියවිලි තෝරාදෙමින්,
එබැවින් විසුරුවනු ලැබූ ඔව්හු ගිය ගිය ස්ථානවල වචනය ප්‍රකාශකළෝය.
නුඹලා දන්න හැටියට අපි ප්‍රථමකොට පිලිප්පියේදී දුක්ද නිග්‍රහද ලැබූ නුමුත්, මහත් පොරඇල්ලීමක් ඇතුව දෙවියන්වහන්සේගේ ශුභාරංචිය නුඹලාට කියාදෙන්ට අපගේ දෙවියන්වහන්සේ තුළ නිර්භීතවුණෙමුව.
වචනය දේශනා කරන්න; කලටත් අකලටත් වැඩේ යෙදී සිටින්න; සියලු ආකාර ඉවසිලිවන්තකමෙන් සහ ඉගැන්වීමෙන් තරවටුකර, අවවාදකර, අනුශාසනාකරන්න කියාය.