ආණ්ඩුකාරයාවූ රෙහුම්ද ලේකම්වූ ෂිම්ෂයිද යෙරුසලමට විරුද්ධව අර්තක්ෂස්තා රජුට ලියුමක් මේ ආකාරයෙන් ලියා ඇරියෝය.
ෂෙවා වනාහි ලේකම්ය. ශාදොක්ද අබියාතර්ද පූජකයෝය.
අහිතුබ්ගේ පුත්‍රවූ ශාදොක් හා අබියාතර්ගේ පුත්‍රවූ අහිමෙලෙක් පූජකයෝව සිටියෝය; සෙරායා ලේකම්ව සිටියේය,
එවිට රජගෙදර ප්‍රධානියාවූ හිල්කියාගේ පුත්‍රවූ එලියාකිම්ද ෂෙබ්නා ලේකමද වාර්තාකරුවා වන ආසාප්ගේ පුත්‍රවූ යෝවාද පිටත්ව ඔවුන් ළඟට ගියෝය.
එවිට රජ්ජුරුවෝ රෙහුම් ආණ්ඩුකාරයාටත් ෂිම්ෂයි ලේකම්ටත් සමාරියේ වාසයකළ ඔවුන්ගේ අනික් සහකාරයන්ටත් ගඟ එගොඩ සිටින අනික් තැනැත්තන්ටත් උත්තරයක් වශයෙන් ලියා ඇරියේ මෙසේය: සමාදානය වේවා යනාදියෙන් ලියා එවන වගනම්–
තවද අර්තක්ෂස්තාගේ දවස්වලදී බිෂ්ලාම්ද මිත්‍රෙදාත්ද මාබෙයෙල්ද ඔහුගේ අනික් සහකාරයෝද පාර්සියාවේ රජවූ අර්තක්ෂස්තාට ලියුමක් ලියා ඇරියෝය; ඒ ලියුම අරාම් අකුරුවලින්ද අරාම් භාෂාවෙන්ද ලියනලද්දේය.
එවිට ආණ්ඩුකාරයාවූ රෙහුම්ද ලේකම්වූ ෂිම්ෂයිද ඔවුන්ගේ අනික් සහකාරයෝ වන දිනාවරුද අපර්සත්කාවරුද ටර්පෙලාවරුද අපාර්සාවරුද අර්කෙවාවරුද බබිලෝනිවරුද ෂූෂන්කාවරුද දේහාවරුද ඒලාම්වරුද,