Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



එස්රා 4:7

Sinhala Revised Old Version

තවද අර්තක්ෂස්තාගේ දවස්වලදී බිෂ්ලාම්ද මිත්‍රෙදාත්ද මාබෙයෙල්ද ඔහුගේ අනික් සහකාරයෝද පාර්සියාවේ රජවූ අර්තක්ෂස්තාට ලියුමක් ලියා ඇරියෝය; ඒ ලියුම අරාම් අකුරුවලින්ද අරාම් භාෂාවෙන්ද ලියනලද්දේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

12 හුවමාරු යොමු  

එකල හිල්කියාගේ පුත්‍රවූ එලියාකිම්ද ෂෙබ්නාද යෝවාද රබ්-ෂාකේ කථාකොට: පවුර පිට සිටින සෙනඟට ඇසෙන්ට යුදෙව් භාෂාවෙන් අපට කථානොකොට, නුඹේ මෙහෙකරුවන්වූ අපට සිරියේ භාෂාව තේරෙන නිසා ඒ භාෂාවෙන් කථාකළමැනවැයි කීවෝය.

වහල්කමෙන් මිදී ආ තැනැත්තන් ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට මාලිගාවක් ගොඩනගන බව යූදාවරුන්ගේද බෙන්යමින්වරුන්ගේද එදිරිකාරයෝ අසා,

එවිට රජ්ජුරුවෝ රෙහුම් ආණ්ඩුකාරයාටත් ෂිම්ෂයි ලේකම්ටත් සමාරියේ වාසයකළ ඔවුන්ගේ අනික් සහකාරයන්ටත් ගඟ එගොඩ සිටින අනික් තැනැත්තන්ටත් උත්තරයක් වශයෙන් ලියා ඇරියේ මෙසේය: සමාදානය වේවා යනාදියෙන් ලියා එවන වගනම්–

ආණ්ඩුකාරයාවූ රෙහුම්ද ලේකම්වූ ෂිම්ෂයිද යෙරුසලමට විරුද්ධව අර්තක්ෂස්තා රජුට ලියුමක් මේ ආකාරයෙන් ලියා ඇරියෝය.

එවිට ආණ්ඩුකාරයාවූ රෙහුම්ද ලේකම්වූ ෂිම්ෂයිද ඔවුන්ගේ අනික් සහකාරයෝ වන දිනාවරුද අපර්සත්කාවරුද ටර්පෙලාවරුද අපාර්සාවරුද අර්කෙවාවරුද බබිලෝනිවරුද ෂූෂන්කාවරුද දේහාවරුද ඒලාම්වරුද,

ගඟ මෙගොඩ සිටි දිශාධිපති තැනවූ තත්තෙනයිද ෂෙතර්-බෝසෙනයිද ගඟ මෙගොඩ සිටි අපර්සෙකාවරුන්වූ ඔහුගේ සහකාරයන්ද විසින් දාරියුෂ් රජුට යැවූ ලියුම් පිටපතය.

මේ කාරණාවලට පසු පාර්සියාවේ අර්තක්ෂස්තාගේ රජකම්කිරීමේදී එස්රා බබිලෝනියෙන් ගියේය. එස්රා සොරායාගේ පුත්‍රයාය, ඔහු අසරියාගේ පුත්‍රයාය, ඔහු හිල්කියාගේ පුත්‍රයාය,

තවද ඔව්හු රජුගේ ආඥා ගඟ මෙගොඩ සිටිය රජුගේ දිශාධිපතීන්ටත් ආණ්ඩුකාරයන්ටත් භාරදුන්නෝය. ඔව්හු සෙනඟටත් දෙවියන්වහන්සේගේ ගෘහයටත් උපකාරකළෝය.

තවද අර්තක්ෂස්තා රජුගේ විසිවෙනි අවුරුද්දේ නීසාන් මාසයේ ඔහු ඉදිරිපිට මුද්‍රිකපානය තිබෙද්දී මම මුද්‍රිකපානය රැගෙන රජුට දුනිමි. මීට ප්‍රථම මම ඔහු ඉදිරියේදී මලානිකව නොසිටියෙමි.

එකල එලියාකීම්ද ෂෙබ්නාද යෝවාද රබ්-ෂාකේට කථාකොට: පවුර පිට සිටින සෙනඟට ඇසෙන්ට යුදෙව් භාෂාවෙන් අපට කථා නොකොට, නුඹේ මෙහෙකරුවන්වූ අපට සිරියේ භාෂාව තේරෙන නිසා ඒ භාෂාවෙන් අපට කථාකළ මැනවියි කීවෝය

තව රජවරු තුන්දෙනෙක් පර්සියාවෙහි නැගිටින්නෝය; සතරවෙනියා සියල්ලන්ට වඩා මහත් වස්තු සපයාගන තමාගේ වස්තුවෙන් බලවත්වූ කල්හි ග්‍රීක් රාජ්‍යයට විරුද්ධව සියල්ලන් පොලඹවන්නේය.

කල්දිවරු අරාම් භාෂාවෙන් රජුට කථාකර: රජ්ජුරුවෝ සදාකාලේටම ජීවත්වේවා. ඔබගේ මෙහෙකරුවන්ට ස්වප්නය කිව මැනවි, එවිට අපි අර්ථය තෝරාදෙන්නෙමුයයි කීවෝය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්