ඔව්හු පූජාසනය ඊට නියම ස්ථානයෙහි පිහිටෙවුවෝය; මක්නිසාද ඔව්හු ඒ රටවල සිටි ජනයන් ගැන භයපත්ව සිටියෝය. ඔව්හු ස්වාමීන්වහන්සේට දවන පූජා එනම් උදය සවස පූජා ඒ පූජාසනය පිට ඔප්පුකළෝය.
පූජකවූ ශාදොක්ද පූජකයන්වූ ඔහුගේ සහෝදරයන්ද, ගිබියොන්හි උස්තැන තිබෙන ස්වාමීන්වහන්සේගේ මණ්ඩපය ඉදිරියෙහි සිටින්ට නියමකෙළේය.
ඔහු පිත්තල පූජාසනයක් සෑදුවේය. ඒකේ දිග විසි රියනක්ය, පළල විසි රියනක්ය, උස දස රියනක්ය.
එවිට දේශයේ සෙනඟ යූදා සෙනඟගේ අත් දුර්වලකර, ගොඩනැගීමේදී ඔවුන් කලඹා,
මේ බඩු ගෙන ගොස් යෙරුසලමෙහි තිබෙන මාලිගාවෙහි තබන්න, දෙවියන්වහන්සේගේ ගෘහයද ස්වකීය ස්ථානයෙහි ගොඩනගනු ලබාවයි කීවේය.
උඩ කොට්ඨාසයේ දිග රියන් දොළොසක්ය, පළලත් දොළොසක්ය, හතර පැත්ත හතරැස්ය.