එස්රා 3:2Sinhala Revised Old Versionඑකල යෝශාදාක්ගේ පුත්‍රවූ යේෂුවාද පූජකයෝවූ ඔහුගේ සහෝදරයෝද ෂෙයල්තියෙල්ගේ පුත්‍රවූ සෙරුබ්බාබෙල්ද ඔහුගේ සහෝදරයෝද නැගිට දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාවූ මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ ලියා තිබෙන ලෙස දවන පූජා ඔප්පුකරන පිණිස ඉශ්‍රායෙල්වරුන්ගේ දෙවියන්වහන්සේගේ පූජාසනය ගොඩනැගුවෝය. පරිච්ඡේදය බලන්න |
මෙසේ යෙරුසලමෙහි තිබෙන දෙවියන්වහන්සේගේ ගෘහය වෙතට ඔවුන්ගේ පැමිණීමේ දෙවෙනි අවුරුද්දේ දෙවෙනි මාසයේදී ෂෙයල්තියෙල්ගේ පුත්‍රවූ සෙරුබ්බාබෙල්ද යෝශාදාක්ගේ පුත්‍රවූ යේෂුවාද ඔවුන්ගේ අනික් සහෝදරයෝවූ පූජකයෝද ලෙවීවරුද වාල්කමෙන් මිදී යෙරුසලමට ආ සියල්ලෝද පටන්ගෙන ස්වාමීන්වහන්සේගේ ගෘහයේ වැඩ බලාගැනීමට විසි අවුරුදු වයසේ පටන් ඉන් ඉහළට වයස් ඇති ලෙවීවරුන් නියමකළෝය.