ඉක්බිති උන්වහන්සේ: මේ නුවර මුරකාරයන් එකිනෙකා තම තමාගේ විනාශකිරීමේ ආයුධය අතේ ඇතුව ළංවන්ට සලස්වන්න කියා මහත් හඬින් මොරගසනවා මට ඇසුණේය.
ඔව්හු යාගද දවන පූජාද ඔප්පුකරන්ට ඇතුළට ගියෝය. එවිට යේහු මනුෂ්‍යයන් අසූදෙනෙක් පිටත සිටුවා: මා විසින් නුඹලා අතට අසුකරදෙන මනුෂ්‍යයන්ගෙන් කිසිවෙකු ගැළවී ගියොත්, ඔහු යන්ට අරින අයගේ ප්‍රාණය ඔහුගේ ප්‍රාණය වෙනුවට දෙන්ට වේයයි කියා තිබුණේය.
දෙවියන්වහන්සේ යෙරුසලම විනාශකරන්ට දූතයෙකු යැවූසේක. ඔහු ඒක විනාශකරන්ට යන විට ස්වාමීන්වහන්සේ බලා ඒ විපත ගැන තැවී, විනාශකාර දූතයාට කථාකොට: ඉතින් ඇත; නුඹේ අත නවතාගන්නැයි කීසේක. ස්වාමීන්වහන්සේගේ දූතයා යෙබූසිය ඔර්ණාන්ගේ කමත ළඟ සිටියේය.
මක්නිසාද ස්වාමීන්වහන්සේ මිසරවරුන්ට පහරදෙන පිණිස දේශය මැදින් යනසේක; උන්වහන්සේ උළුවස්සේ උඩ පඩිකඳේද කණු දෙකේද ලේ දුටු කල්හි දොරකඩ පසුකර යනසේක, නුඹලාට පහරදෙන පිණිස නුඹලාගේ ගෙවලට ඇතුල්වෙන්ට විනාශකයාට ඉඩ නොදෙනසේක.
එවිට: මම කවරෙකු යවම්ද? අප උදෙසා යන්නේ කවුදැයි කියන්නා වූ ස්වාමීන්වහන්සේගේ හඬ මට ඇසුණේය. මමද: මෙන්න මම මෙහිය; මා යැවුව මැනවයි කීමි.
කොඩියක් සියොන් දෙසට නගන්න. ගැළවෙන පිණිස නොනැවතී දුවන්න. මක්නිසාද මම උතුරෙන් විපත්තියක්ද මහත් විනාශයක්ද පමුණුවන්නෙමි.
මා දුටු පෙනීම නම් නුවර විනාශකරන්ට මා එද්දී මා විසින් දුටු දර්ශනයේ පෙනීම මෙන්ය; ඒ දර්ශනද කෙබාර් ගංගාව ළඟදී මා දුටු දර්ශනය මෙන්ය. එවිට මම මුහුණින් වැටුණෙමි.
ඔහු මහත් ශබ්දයකින් කථාකරමින්: දෙවියන්වහන්සේට භයවී, උන්වහන්සේට ගෞරව දෙන්න; මක්නිසාද උන්වහන්සේගේ විනිශ්චයේ පැය පැමුණුණේය. අහසත් පොළොවත් මුහුදත් ජල උල්පතුත් මැවූ තැනන්වහන්සේට නමස්කාරකරන්නැයි කීය.