එබැවින් මමත් කෝපයෙන් ක්‍රියාකරන්නෙමි. මාගේ ඇස දයා නොකරන්නේය, මම කරුණා නොකරන්නෙමි. ඔවුන් මහත් හඬකින් මාගේ කන්වලට මොරගැසුවත් මම ඔවුන්ට ඇහුම්කන් නොදෙන්නෙමියි මට කීසේක.
එවිට ඔවුන් මට හඬගසන නුමුත් මම උත්තර නොදෙන්නෙමි; ඔවුන් බොහෝසේ මා සොයන නුමුත් මා සම්බවන්නේ නැත.
නුඹලාගේ අත් විදහනකල මාගේ ඇස් නුඹලාගෙන් සඟවාගන්නෙමි. එසේය, නුඹලා යාච්ඤා බොහෝමයක් කරන කල්හිත් මම නොඅසන්නෙමි. නුඹලාගේ අත් ලෙයින් පිරී තිබේ.
බලව, ගළවන්ට බැරි ලෙස ස්වාමීන්වහන්සේගේ අත කොටවෙලාවත් නෑසෙන ලෙස උන්වහන්සේගේ කන බිහිරිවෙලාවත් නැත.
නුමුත් නුඹලාගේ අපරාධම නුඹලා සහ දෙවියන්වහන්සේ අතරේ වෙන්වීමක් කෙළේය, උන්වහන්සේ නොඅසන ලෙස නුඹලාගේ පාපද උන්වහන්සේගේ මුහුණ නුඹලාගෙන් සැඟෙවුවේය.
එබැවින් ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බලව, ඔවුන්ට ගැළවෙන්ට බැරි විපත්තියක් ඔවුන් පිටට පමුණුවන්නෙමි; ඔවුන් මට මොරගැසුවත් මම ඔවුන්ට ඇහුම්කන් නොදෙන්නෙමි.
ඔවුන් නිරාහාරව සිටින කල මම ඔවුන්ගේ කන්නලව්ව නොඅසන්නෙමි; ඔවුන් දවන පූජාවද ආහාර පූජාවද ඔප්පුකරන විටත් මම ඒවා පිළිනොගෙන, කඩුවෙන්ද සාගතයෙන්ද වසංගතයෙන්ද ඔවුන් විනාශකරන්නෙමියි කීසේක.
මම නුඹලා සහමුලින්ම මතක නැතිකර දමන්නෙමි, නුඹලා සහ නුඹලාගේ පියවරුන්ට මා විසින් දුන් නුවරද මා ඉදිරියෙන් පහකරදමා,
එසේ වුණේ ඔවුන්වත් නුඹලාවත් නුඹලාගේ පියවරුන්වත් දැන නොගත් අන් දෙවිවරුන්ට සේවයකිරීමට සුවඳ දුම් ඔප්පුකරන්ට යාමෙන් මා කෝපකරවන ලෙස ඔවුන් කළාවූ ඔවුන්ගේ නපුරුකම නිසාය.
ඒ නිසා මාගේ කෝපය හා උදහස වැගිරී, යූදාහි නුවරවලද යෙරුසලමේ වීථිවලද ඇවුළුණේය; ඒවා අද දවසේ තිබෙන ලෙස පාළුව නාස්තිව තිබේ.
ඇගේ එදිරිකාරයෝ ප්‍රධානයෝ වූහ, ඇගේ සතුරෝ සමෘද්ධවෙති; මක්නිසාද ඇගේ අපරාධ රාශිය නිසා ස්වාමීන්වහන්සේ ඈට පීඩාකළසේක. ඇගේ බාලයෝ එදිරිකාරයාට පෙරටුවෙන් වහල්කමට ගියෝය.
ස්වාමීන්වහන්සේ තමන් යෝජනා කළ දේ ඉෂ්ටකළසේක; උන්වහන්සේ පුරාණ දවස්වල සිට නියමකර තිබුණු තමන් කීම සම්පූර්ණකළසේක; උන්වහන්සේ අනුකම්පා නොකොට, හෙළාදැමූසේක. සතුරා නුඹට විරුද්ධව සන්තෝෂවෙන්ට සලස්වා, නුඹේ එදිරිකාරයන්ගේ අඟ එසෙවුසේක.
මෙසේ මාගේ උදහස නුඹ කෙරෙන් නවත්වා, පසුව මාගේ ජ්වලිතය නුඹෙන් පහකොට, නිශ්චලව තවත් උදහස් නොවී සිටින්නෙමි.
මාගේ කෝපය නුඹ කෙරෙහි තබමි, ඔවුන්ද නුඹ සමඟ උදහසින් ක්‍රියාකොට, නුඹේ නාසයද නුඹේ කන්ද කපා දමනවා ඇත; නුඹේ ඉතිරි අයද කඩුවෙන් වැටෙනවා ඇත. ඔවුන් නුඹේ පුත්‍රයන්ද නුඹේ දූවරුන්ද අරගන යනවා ඇත; නුඹේ ඉතිරි අයද ගින්නෙන් නාස්තිවන්නෝය.
නුඹේ අපවිත්‍රකම දූෂිතය. මක්නිසාද මා විසින් නුඹ පිරිසිදුකරමින් සිටි නුමුත් නුඹේ අපවිත්‍රකමෙන් නුඹ පිරිසිදුවුණේ නැත; මාගේ කෝපය නුඹ කෙරෙහි සංසිඳුවාගන්න තුරු නුඹ තවත් පිරිසිදුකරනු නොලබන්නෙහිය.
එබැවින් මාගේ ඇස දයාකරන්නේවත් මා විසින් කරුණාකරන්නේවත් නැතුව, ඔවුන්ගේ මාර්ගය ඔවුන්ගේ හිස් පිටට පමුණුවන්නෙමියි මට කීසේක.
මා අසා සිටියදී උන්වහන්සේ අනික් තැනැත්තන්ට කථාකොට: නුඹලා නුවර තුළට ඔහු පස්සේ ගොස් පහරදෙන්න. නුඹලාගේ ඇස් දයා නොකෙරේවා, නුඹලා කරුණා නොකරන්න.
එකල ඔව්හු ස්වාමීන්වහන්සේට මොරගසන්නෝය, නුමුත් උන්වහන්සේ ඔවුන්ට උත්තර නොදී, ඔවුන් නපුරු ක්‍රියාවල් කළ හෙයින් ඒ කාලයේදී තමන්ගේ මුහුණ ඔවුන්ගෙන් සඟවාගන්නාසේක.
ස්වාමීන්වහන්සේ ස්වකීය ගෞරවය රක්ෂාකරන්නාවූ පළිගන්න දෙවිකෙනෙක්ය; ස්වාමීන්වහන්සේ පළිගන්නාවූ, උදහසින් පූර්ණවූ කෙනෙක්ය; ස්වාමීන්වහන්සේ තමන්ගේ එදිරිකාරයන්ගෙන් පළිගන්නාසේක, තමන්ගේ සතුරන්ට උදහස තබාගන සිටිනසේක.
ස්වාමීන්වහන්සේ නුඹලාගේ පියවරුන් කෙරෙහි ඉතා අප්‍රසන්නවූසේක.
එසේ උන්වහන්සේ අඬගැසූ කල ඔවුන් නාසා සිටියාක්මෙන් ඔවුන් අඬගසන කල මමත් නාසා සිට,
ගෙයි ස්වාමීයා නැගිට දොර වැසුවායින් පසු, නුඹලා පිටත සිට දොරට තට්ටුකරන්ට පටන්ගෙන: ස්වාමීනි, අපට දොර ඇරිය මැනවයි කියන කල, උන්වහන්සේ උත්තරදෙමින්: නුඹලා කොතැනින් ආවාද කියා නොදනිමියි නුඹලාට කියන්නේය.
ඒ දවසෙහි නුඹලා තෝරාගත් නුඹලාගේ රජු නිසා නුඹලා කෑගසනවා ඇත; නුමුත් ස්වාමීන්වහන්සේ ඒ දවසේදී නුඹලාට උත්තරදෙන්නේ නැතැයි කීවේය.