මේවා ඉස්සරහ පිට උතුරු පැත්තේ කාමරවල අන්දමටම පාරක් තිබුණේය; ඒවායේ දිගද පළලද ඒවාට ඇතුල්වෙන සියලු තැන්ද ඒවායේ විධිද ඒවායේ දොරකඩවල්ද වාගේ මේවාටත් තිබුණේය.
කාමර ඉස්සරහ රියන් දහයක් පළල ඇති මාර්ගයක්ද ඇතුළට යාමට එක රියනක් පළල ඇති පාරක්ද තිබුණේය. ඒවායේ දොරකඩවල් උතුරු දෙසට තිබුණේය. ඉහළ කාමර කොටව තිබුණේය.
ඔව්හු තමුන් කළ සියල්ල ගැන ලජ්ජාවී සිටිත් නම්, ගෘහයේ ආකාරයද එහි පිළිවෙළද ඇතුළට පිටතට යන එන තැන්ද එහි මුළු ආකාරයද එහි සියලුම නියෝගද එහි මුළු ආකාරයද එහි මුළු ව්‍යවස්ථාවද ඔවුන්ට දන්වා, ඔවුන් එහි මුළු ආකාරයද එහි සියලුම නියෝගද පවත්වා ඒවා කරන පිණිස ඔවුන් ඉදිරියේදී ඒවා ලියන්න.
ස්වාමීන්වහන්සේ මට කියනසේක්: මනුෂ්‍ය පුත්‍රය, ස්වාමීන්වහන්සේගේ ගෘහය සියලු නියෝග ගැනද එහි සියලු ව්‍යවස්ථා ගැනද මා විසින් නුඹට කියන සියල්ලම නුඹ සිතට ගෙන, නුඹේ ඇස්වලින් බලා, නුඹේ කන්වලින් අසන්න; ගෘහයට ඇතුල්වෙන තැනටත් ශුද්ධස්ථානයෙන් පිටතට යන සියලු තැන්වලටත් නුඹේ සිත යොමුකරන්න.
නුවරින් පිටතට යන තැන් මෙසේය: දඬු මිම්මෙන් හාරදාස් පන්සියයක් දිග ඇති උතුරු පැත්තෙහි