එවිට මට අණකළ ලෙස මම අනාගතවාක්‍ය කීමි. මා අනාගතවාක්‍ය කියද්දී ශබ්දයක්ද භූමිකම්පාවක්ද විය, එක එක ඇටය ස්වකීය ඇටවලට ළංවිය.
මුළු සෙනඟට කියන්ට ස්වාමීන්වහන්සේ අණකළ සියල්ල යෙරෙමියා කියා නිමවූ විට පූජකයෝද ප්‍රොපේතයෝද මුළු සෙනඟද ඔහු අල්වා: නුඹ සැබවින් මරනු ලබන්නෙහිය.
මමද මට අණකළ ලෙසම කෙළෙමි. මාගේ බඩු මාර්ගෝපකරණ මෙන් දවාලේ පිටතටගෙන, සවස මාගේ අතින් භිත්තිය හාරා, අඳුරුවූ කල්හි ඔවුන් බලාසිටියදී ඒවා කරට ගෙන පිටතට ගෙනාවෙමි.
මම බැලූවිට නහර ඒවා පිට තිබෙනවා දුටිමි, මාංසය හටගැනී, ඒ උඩ සමින් වැසුණේය. නුමුත් ඒවා තුළ ආත්මයක් නොවීය.
තද හුළඟක් හමන්නාක්මෙන් ශබ්දයක් අහසෙන් හදිසියෙන් පැමිණ, එයින් ඔවුන් හිඳගෙන උන්නාවූ මුළු ගෙය පිරුණේය.
ඔව්හු ඒ අසා අනිනලද සිත් ඇතුව: සහෝදරයෙනි, අප විසින් මක්කරන්ට ඕනෑදැයි පේතෘස්ගෙන්ද අනික් ප්‍රේරිතයන්ගෙන්ද ඇසුවෝය.
නුමුත් පේතෘස්ද යොහන්ද ඔවුන්ට උත්තරදෙමින්: දෙවියන්වහන්සේට ඇහුම්කන්දීමට වඩා නුඹලාට ඇහුම්කන්දීම දෙවියන්වහන්සේ ඉදිරියෙහි හරිද කියා නුඹලාම විනිශ්චයකරන්න.