Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



එසකියෙල් 37:6

Sinhala Revised Old Version

මම නුඹලා පිට නහර තබා, නුඹලා කෙරෙහි මාංස හටගන්වා, නුඹලා සමින් වසා, නුඹලා ජීවත්වන ලෙස නුඹලා තුළ ආත්මය තබන්නෙමි; නුඹලා මා ස්වාමීන්වහන්සේ බව දැනගන්නවා ඇත කියා කියන්නැයි කීය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

27 හුවමාරු යොමු  

ස්වාමිවූ දෙවියන්වහන්සේ භූමියේ දූවිල්ලෙන් මනුෂ්‍යයා සාදා ඔහුගේ නාස්පුඩු තුළට ජීවනයේ හුස්ම හෙළූසේක; එවිට මනුෂ්‍යයා ජීවමාන ප්‍රාණයක් විය.

දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයෙක් ළංවී ඉශ්‍රායෙල් රජුට කථාකොට: ස්වාමීන්වහන්සේ කඳුවල දෙවිකෙනෙක්වා මිස මිටියාවත්වල දෙවිකෙනෙක් නොවේයයි සිරියවරුන් කී නිසා, මා ස්වාමීන්වහන්සේ බව නුඹලා දැනගන්න පිණිස මේ මුළු මහත් සමූහයා නුඹ අතට පාවාදෙන්නෙමියි කියා ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීවේය.

ඔබ ස්වකීය ආත්මය එවන කල උන් මවනු ලබති; ඔබ පොළෝතලය අලුත් කරනසේක.

මම ආබ්‍රහම්ටද ඊසාක්ටද යාකොබ්ටද සර්වපරාක්‍රම දෙවියන්වහන්සේ ලෙස පෙනුණෙමි, නුමුත් යෙහෝවඃ යන මාගේ නාමයෙන් ඔවුන්ට ප්‍රකාශනූණෙමි.

ඔබගේ මළාහු ජීවත්වන්නෝය; මාගේ මළකඳන් නැගිටිනවා ඇත. ධූලියෙහි වසන්නෙනි, පිබිදී ගී කියන්න. මක්නිසාද ඔබගේ පිනි පලාජාතිවල පිනි මෙන්ය, පොළොව සහ මළවුන් පිට ඔබ ඒවා බසින්ට සලස්වනසේක.

රජවරු නුඹ ඇතිකරන පියවරුද ඔවුන්ගේ බිසෝවරු නුඹේ කිරිමවුවරුද වන්නෝය. ඔව්හු මුහුණින් බිමට නැමී නුඹට වැඳ, නුඹේ පාදවල ධූලි ලෙවකන්නෝය; නුඹද ස්වාමීන්වහන්සේ වන මා කෙරෙහි බලාපොරොත්තු වන අය ලජ්ජාවට නොපැමිණෙන බව දැනගන්නෙහිය.

නුඹලා කඩුවෙන් වැටෙනවා ඇත; ඉශ්‍රායෙල් සීමාවේදී නුඹලා විනිශ්චයකරන්නෙමි; එසේ මා ස්වාමීන්වහන්සේ බව නුඹලා දැනගන්නහුය.

එසේ මාගේ නියෝග ප්‍රකාර නොහැසිර, මාගේ විනිශ්චයන් ඉෂ්ට නොකොට, නුඹලා අවට සිටින ජාතීන්ගේ පනත් ප්‍රකාරයට කළාවූ නුඹලා මා ස්වාමීන්වහන්සේ බව දැනගන්නවා ඇතැයි කීසේක.

තවද මට විරුද්ධව කැරළිගසන්නන්ද ද්‍රෝහිකම්කරන්නන්ද මම නුඹලාගෙන් වෙන්කොට ඔවුන් පොරොත්තුව සිටින දේශයෙන් පිටකරන්නෙමි, නුමුත් ඔව්හු ඉශ්‍රායෙල් රටට ඇතුල් නොවන්නෝය. මෙසේ මා ස්වාමීන්වහන්සේ බව නුඹලා දැනගන්නහුය.

මා විසින් මිසර දේශය පාළුකර, නාස්තියක් කොට, දේශය ඒකේ පූර්ණකමෙන් හිස්වෙන්ට සලස්වන කලද එහි සියලු වැසියන්ට මා පහරදෙන කලද මා ස්වාමීන්වහන්සේ බව ඔව්හු දැනගන්නෝයයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.

කෙතේ ගස්වල ඵල හටගන්නේය. දේශය ඒකේ අස්වැන්න දෙන්නේය, ඔව්හු උපද්‍රව රහිතව තමුන්ගේ රටෙහි සිටින්නෝය; ඔව්හු මා විසින් ඔවුන්ගේ වියගස් කඩා, ඔවුන් වහල්කරගත් අයගේ අත්වලින් ඔවුන් ගළවාගත්තාම, මා ස්වාමීන්වහන්සේ බව ඔවුන් දැනගන්නවා ඇත.

ඒවා පාළුවී අපේ භුක්තියට දී තිබේය කියා නුඹ ඉශ්‍රායෙල් කඳුවලට විරුද්ධව කීවාවූ නුඹේ සියලුම අපහාස කථා ස්වාමීන්වහන්සේ වන මා ඇසූ බව නුඹ දැනගන්නෙහිය.

ඉශ්‍රායෙල් වංශයේ උරුමය පාළුවක් වුණ බැවින් නුඹ ඊට ප්‍රීති වුණාක්මෙන් මම නුඹට එසේම කරන්නෙමි. එම්බා සේයිර් කන්ද, නුඹ සහ මුළු ඒදොම් මුළුමනින්ම පාළුවක් වන්නේය. මෙසේ මා ස්වාමීන්වහන්සේ බව ඔවුන් දැනගන්නවා ඇත.

මම නුඹ සදහටම පාළුවක් කරන්නෙමි, නුඹේ නුවරවලද වැසියෝ නොසිටින්නාහුය. මෙසේ මා ස්වාමීන්වහන්සේ බව නුඹලා දැනගන්නවා ඇත.

නුඹලා ජීවත්වන ලෙස මා විසින් නුඹලා තුළ මාගේ ආත්මය තබා, නුඹලාගේ රටෙහි නුඹලා පිහිටුවන්නෙමි. මෙසේ ස්වාමීන්වහන්සේ වන මා ඒක කියා ඉෂ්ටකළ බව නුඹලා දැනගන්නහුයයි ස්වාමීන්වහන්සේ කියනසේකැයි මට කීය.

මෙසේ මා උතුම්ව ශුද්ධව සිටින බව පෙන්වා, මා ස්වාමීන්වහන්සේ බව බොහෝ ජාතීන් දැනගන්න පිණිස ඔවුන් ඉදිරියෙහි ප්‍රකාශවන්නෙමි.

ඉශ්‍රායෙල් වංශයද මා ඔවුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ බව ඒ දවසේ පටන් මත්තට දැනගන සිටින්නෝය.

ඔවුන් ජාතීන් අතරට ගෙනගියාවූ මා විසින් ඔවුන්ගෙන් කිසිවෙකු තවත් එහි අත් නෑර ඔවුන්ගේ රටට ඔවුන් රැස්කරන විට, මා ඔවුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ බව ඔවුන් දැනගන්නවා ඇත.

මම මාගොග් පිටටත් ද්වීපවල නිසැකව වාසයකරන්නන් පිටටත් ගින්නක් යවන්නෙමි. මෙසේ මා ස්වාමීන්වහන්සේ බව ඔවුන් දැනගන්නවා ඇත.

ඔවුන් තමුන්ගේ සියලු දේවරූපවලට මිහිරි සුවඳ ඔප්පුකළ ස්ථාන වන උස්වූ සියලු හෙල්වලත් සියලු කඳු මුදුන්වලත් සියලු අමුගස් යටත් ඝන අතු ඇති සියලු අලෝන ගස් යටත් ඔවුන්ගේ පූජාසන වටකර ඔවුන්ගේ දේවරූප අතරෙහි ඔවුන්ගේ මැරුම්කෑවුන් වැටී සිටින කල, මා ස්වාමීන්වහන්සේ බව නුඹලා දැනගන්නවා ඇත.

නුඹලා අතරෙහි මැරුම්කෑවුන් වැටෙනවා ඇත, මෙසේ මා ස්වාමීන්වහන්සේ බව නුඹලා දැනගන්නවා ඇත.

මාගේ ඇස නුඹ කෙරෙහි දයා නොවන්නේය, මම කරුණා නොකරන්නෙමි. නුඹේ මාර්ග නුඹ පිටට පමුණුවන්නෙමි, නුඹේ පිළිකුල් දේ නුඹ මධ්‍යයෙහි වන්නේය. මෙසේ මා ස්වාමීන්වහන්සේ බව නුඹලා දැනගන්නහුය.

මාගේ ඇස දයා නොවන්නේය, මම කරුණා නොකරන්නෙමි, මම නුඹේ මාර්ග ලෙස නුඹ පිටට [දඬුවම්] පමුණුවන්නෙමි, නුඹේ පිළිකුල්කම්ද නුඹ තුළට පැමිණෙනවා ඇත; පහරදෙන්නේ ස්වාමිවූ මා බව මෙසේ නුඹලා දැනගන්නවා ඇත.

මා ඉශ්‍රායෙල්වරුන් අතරේ සිටින බවත් මා නුඹලාගේ දෙවිවු ස්වාමීන්වහන්සේ බවත් වෙන කෙනෙක් නැති බවත් නුඹලා දැනගන්නවා ඇත. මාගේ සෙනඟ කිසි කලෙකත් ලජ්ජාවට නොපැමිණෙන්නෝය.

මෙසේ ස්වාමීන්වහන්සේ වන මා මාගේ ශුද්ධ කන්ද වන සියොන්හි වසන නුඹලාගේ දෙවියන්වහන්සේ බව නුඹලා දැනගන්නහුය. එකල යෙරුසලම ශුද්ධව තිබෙන්නේය, විදේශියෝ එහි මැදින් තවත් නොයන්නෝය.

නුඹලා රොටි කෑවේවත් මුද්‍රික රස හෝ මද්‍යපානය බීවේවත් නැත. මෙසේ වූයේ මම නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ බව නුඹලා විසින් දැනගන්නා පිණිසයයි කියනසේක.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්