ස්වාමීන්වහන්සේගේ වචනය නැවත මා වෙතට පැමිණ කියනුයේ:
මා අඳුනන්නන් අතරෙහි මෙන් රාහබ් සහ බබිලෝනිය ගැන සඳහන්කරන්නෙමි. පිලිස්තියා සහ තීර්ද කූෂ් රටද බලව; මේ තෙමේ එහි උපන්නේය.
මනුෂ්‍ය පුත්‍රය, තීර් යෙරුසලමට විරුද්ධව කථාකොට–ඔහෝ, ජනයන්ගේ දොරටුව වන ඈ කඩා දමනු ලැබුවාය. එය මා දෙසට ඇරී තිබෙයි. ඈ පාළුකරනු ලැබ සිටින නිසා මට පූර්ණකම ඇතිවන්නේයයි කී බැවින්,
මම නුඹ භීතියක් කරන්නෙමි, නුඹ තවත් නොසිටින්නෙහිය. නුඹව සොයා ආවත් කිසි කලක නුඹ සම්බවෙන්නේ නැතැයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේකැයි කීය.
මනුෂ්‍ය පුත්‍රය, නුඹ තීර් ගැන විලාපයක් පවත්වමින්,
ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මම තීර්හි වරද තුනක්ද, එසේය, හතරක්ද නිසා එහි දඬුවම පහ නොකරන්නෙමි; මක්නිසාද ඔව්හු සහෝදර ගිවිසුම සිහි නොකර, මුළු සෙනඟ අල්ලා ඒදොම්ට පාවාදුන්නෝය.
ඊට යාව තිබෙන හමාතටත් ඉතා ප්‍රඥාවන්ත තීර්ටත් සීදොන්ටත් ඒක විරුද්ධය.