මම නුඹ භීතියක් කරන්නෙමි, නුඹ තවත් නොසිටින්නෙහිය. නුඹව සොයා ආවත් කිසි කලක නුඹ සම්බවෙන්නේ නැතැයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේකැයි කීය.
එහෙත් යමෙක් ළඟින් ගිය කල, බලව, ඔහු එහි නැත. එසේය, ඔහු සෙවුවෙමි, නුමුත් මට සම්බ නොවීය.
මක්නිසාද ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බලව, නුඹ සහ නුඹේ සියලු මිත්‍රයන්ද භීතියට භාරදෙමි. ඔව්හු තමුන්ගේ සතුරන්ගේ කඩුවෙන් වැටෙන්නෝය, නුඹද නුඹේම ඇස්වලින් එය දකින්නෙහිය. මම මුළු යූදා දේශයත් බබිලොන් රජුගේ අතට භාරදෙන්නෙමි, ඔහුද ඔවුන් බබිලෝනියට ගෙන ගොස් කඩුවෙන් මරන්නේය.
මා විසින් ඈ පිටට පමුණුවන විපත්තියෙන් ගොඩනොඑන්නීය. ඔව්හු වෙහෙසවන්නෝයයි කියන්නැයි කීවේය. යෙරෙමියාගේ වචන මෙසේ නිමි.
ස්වාමීන්වහන්සේගේ වචනය නැවත මා වෙතට පැමිණ කියනුයේ:
ජනයන් අතරේ සිටින වෙළෙන්දෝ නුඹට කවටකම්කරති; නුඹ භීතියක් වී තිබේ, තවත් කිසි කලක නුඹ නොසිටින්නෙහියයි කීය.
ජනයන් අතරෙහි නුඹව අඳුනන සියල්ලෝ නුඹ ගැන විස්මපත්වන්නෝය. නුඹ භීතියක් වී සිටිනෙහිය, තවත් කවදාවත් නුඹ නොවන්නෙහියයි කීය.
ඔහුද තමාගේ මුහුණ තමාගේම දේශයේ බලකොටු දෙසට හරවා, පැකිල වැටී නැතිවන්නේය.
තවද බලවත්වූ දේවදූතයෙක් මහත් ඇඹරුම් ගලක් වැනිවූ ගලක් ගෙන මුහුදේ හෙළා: ඒ මහත් නුවරවූ බබිලෝනිය මහත් වැටීමකින් මෙසේ හෙළනු ලබන්නීය, තවත් කිසිසේත් සම්බ නොවන්නීය.