Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



එසකියෙල් 24:19

Sinhala Revised Old Version

සෙනඟද: නුඹ කරන මේ දේ අපට අදාළවෙන හැටි නුඹ අපට නොකියන්නෙහිදැයි මාගෙන් ඇසුවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

9 හුවමාරු යොමු  

මනුෂ්‍ය පුත්‍රය, කැරළිකාර වංශය වන ඉශ්‍රායෙල් වංශය–නුඹ මක්කරනවාදැයි නුඹට කීවා නොවේද?

මේ කාරණා මොනවාද කියා නුඹලා දන්නේ නැද්දැයි කැරළිකාර වංශයට කියන්න. තවත් මෙසේ කියන්න: බබිලෝනියේ රජ යෙරුසලමට ඇවිත් එහි රජු සහ එහි අධිපතීන්ද රැගෙන තමා සමඟ බබිලෝනියට ගෙනගියේය.

එවිට මම: අහෝ ස්වාමිවූ දෙවියන්වහන්ස! ඔහු උපමා කථාකරන කෙනෙක් නොවේදැයි ඔව්හු මා ගැන කියතියි කීයෙමි.

නුඹ සුසුම්ලන්නේ මක්නිසාදැයි ඔවුන් නුඹෙන් අසන කල මෙසේ කියන්න: ආරංචිය නිසාය, මක්නිසාද එය පැමිණෙන්නේය. සියලු සිත් දියවෙන්නේය, සියලු අත් හෙලාවැටෙන්නේය, සියලු ආත්ම ක්ලාන්තවන්නේය, සියලු දණහිස් දිය මෙන් බෙලහීනවන්නේය. බලව, එය පැමිණෙන්නේය, එය සිදුවන්නේයයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේකැයි කීය.

එබැවින් මම උදයේ සෙනඟට කථාකෙළෙමි; සවස මාගේ භාර්යාව මළාය. මට අණකළ ලෙස උදයේදී කෙළෙමි.

එවිට මම ඔවුන්ට කථාකොට: ස්වාමීන්වහන්සේගේ වචනය මා වෙතට පැමිණ මෙසේ කීයේය–ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේකැයි ඉශ්‍රායෙල් වංශයට කියන්න.

නුඹේ සෙනඟගේ පුත්‍රයන් නුඹට කථාකොට: මේවායින් නුඹ හඟවන්නේ කිමෙක්ද කියා නුඹ අපට නොදන්වන්නෙහිදැයි නුඹෙන් ඇසුවාම,

නුඹලාගේ වචන මට විරුද්ධව තදව තිබේයයි ස්වාමීන්වහන්සේ කියනසේක. එහෙත්: අපි ඔබවහන්සේට විරුද්ධව කුමක් කීවෙමුදැයි නුඹලා අසන්නහුය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්