එබැවින් මම උදයේ සෙනඟට කථාකෙළෙමි; සවස මාගේ භාර්යාව මළාය. මට අණකළ ලෙස උදයේදී කෙළෙමි.
මමද මට අණකළ ලෙසම කෙළෙමි. මාගේ බඩු මාර්ගෝපකරණ මෙන් දවාලේ පිටතටගෙන, සවස මාගේ අතින් භිත්තිය හාරා, අඳුරුවූ කල්හි ඔවුන් බලාසිටියදී ඒවා කරට ගෙන පිටතට ගෙනාවෙමි.
මනුෂ්‍ය පුත්‍රය, මෙන්න, නුඹේ ඇස්වලට ප්‍රියවූ දේ එක පහරකින් නුඹෙන් ගනිමි. එහෙත් නුඹ විලාප නොකිය යුතුය, නොහැඬිය යුතුය, නුඹේ කඳුළුත් නොවැගිරියයුතුය.
නිශ්ශබ්දව සුසුම්ලා, මළවුන් ගැන වැලපීමක් නොකර, නුඹේ තොප්පිය හිසේ බැඳගෙන; නුඹේ වහන් පාදවල දමාගන්න, තොල් වසා නොගෙන, මිනිසුන්ගේ රොටිද නොකා සිටින්නැයි කීය.
සෙනඟද: නුඹ කරන මේ දේ අපට අදාළවෙන හැටි නුඹ අපට නොකියන්නෙහිදැයි මාගෙන් ඇසුවෝය.