නුඹේ ශෝභනකම නිසා නුඹේ කීර්තිය ජාතීන් අතරේ පැතිරගියේය; මක්නිසාද මා විසින් නුඹ කෙරෙහි තැබූ මාගේ තේජස නිසා ඒක සම්පූර්ණව තිබුණේයයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක
දෙවියන්වහන්සේ සාලමොන්ගේ සිතේ තබා තිබුණු ඔහුගේ ප්‍රඥාව අසන පිණිස සකල දේශවාසීහු ඔහු වෙතට ආවෝය.
දෙවියන්වහන්සේ සාලමොන්ගේ සිතේ තබා තිබුණු ප්‍රඥාව අසන පිණිස පොළොවේ සියලු රජවරු ඔහු වෙතට ආවාහ.
අලංකාරයේ සම්පූර්ණත්වය වූ සියොන්හි සිට දෙවියන්වහන්සේ බැබළූසේක.
මග යන සියල්ලෝ නුඹට විරුද්ධව අත්පුඩිගසති; ඔව්හු පරිහාසකොට, යෙරුසලම් දුවට විරුද්ධව තමුන්ගේ හිස්වනමින්: පරම අලංකාරකමය, මුළු පොළොවට ප්‍රීති හේතුවයයි කී නුවර මේකදැයි කියති.
නුඹේ නාසයේ ආභරණයක්ද නුඹේ කන්වල කුණ්ඩලාභරණද නුඹේ හිසේ අලංකාර ඔටුන්නක්ද තැබුවෙමි.
ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක. මේක යෙරුසලමය; ඈ ජාතීන් මැද පිහිටෙවුවෙමි, ඈ අවටින් රටවල් තිබේ.
මක්නිසාද නුඹට වෙනස් වෙන්ට සලස්වන්නේ කවුද? නුඹට ලැබුණ දේ හැර නුඹට ඇත්තේ කිමෙක්ද? ඉඳින් එය ලැබුණානම් නොලැබුණාක්මෙන් පාරට්ටුකරගන්නේ මක්නිසාද?