Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



එසකියෙල් 16:13

Sinhala Revised Old Version

මෙසේ නුඹ රන් රිදීවලින් සැරසී සිටියෙහිය; නුඹේ වස්ත්‍රද සිහින් හණ රෙදිත් පට සහ විසිතුරු රෙදිත්ය; නුඹ සිහින් පිටිද මීපැණිද තෙල්ද කෑවෙහිය. නුඹ අතිශයින්ම ලක්ෂණවී, රාජ්‍යයක් වෙන හැටියට වර්ධනයවූවෙහිය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

25 හුවමාරු යොමු  

මම නුඹ අතිශයින් බෝවෙන්ට සලස්වා නුඹෙන් ජාතීන් උපදවන්නෙමි, රජවරුද නුඹෙන් නික්මෙන්නෝය.

දාවිත් මුළු ඉශ්‍රායෙල් කෙරෙහි රජකම්කරමින් තමාගේ මුළු සෙනඟට විනිශ්චය හා යුක්තිය ඉෂ්ටකෙළේය.

සාලමොන් වනාහි ප්‍රාත් ගංගාවේ පටන් පිලිස්තිවරුන්ගේ දේශය සහ මිසරයේ සීමාව දක්වා සියලු රාජ්‍යවල් කෙරෙහි ආණ්ඩුකෙළේය. ඔව්හු කප්පන් ගෙනැත්දී සාලමොන්ගේ ජීවිතයේ සියලු දවස්වල ඔහුට සේවයකළෝය.

ගඟ එගොඩ තිබෙන මුළු රට ආණ්ඩුකළ බලවත් රජුන් යෙරුසලමෙහි සිටි බවත් තීරුවද ආදායම්ද සුංගම්ද ඔවුන්ට දෙනලද බවත් දැනගන්ට ලැබුණේය.

ඔව්හු උත්තරදෙමින්: අපි ස්වර්ගයෙත් පොළොවෙත් දෙවියන්වහන්සේගේ මෙහෙකරුවෝ වම්හ. මීට බොහෝ අවුරුදු ගණනකට ප්‍රථම ගොඩනගනලද්දාවූ, ඉශ්‍රායෙල්හි මහත් රජෙකු විසින් ගොඩනගා නිමකරනලද්දාවූ ගෘහය අපි නැවත ගොඩනගමුව.

එකල මාගේ පියවර ගිතෙලින් සෝදා ගතිමි, පර්වතයෙන්ද තෙල් ගංගා මා වෙත ගලා ආවේය.

නුඹේ සීමා තුළ සමාදානය සිදුකරනසේක. ඉතා උතුම් ගෝධුමයෙන් නුඹ පුරවන සේක.

උතුරු පැත්තේ තිබෙන මහා රජ්ජුරුවන්ගේ නුවරවූ සියොන් කන්ද උසින් අලංකාරය, මුළු පොළොවට ප්‍රියකරුය.

අලංකාරයේ සම්පූර්ණත්වය වූ සියොන්හි සිට දෙවියන්වහන්සේ බැබළූසේක.

උන්වහන්සේ ඉතා හොඳ ගෝධුමයෙන් ඔවුන් පෝෂණය කරනසේක. පර්වතයෙන් ගත් මීපැණියෙන් මම නුඹ තෘප්තියට පමුණුවන්නෙමි.

අපේ පියවරුන් විසින් ඔබ වර්ණනාකළාවූ අපේ ශුද්ධවූ අලංකාර ගෘහය ගින්නෙන් දවා තිබේ; අපේ සියලු ප්‍රසන්න දේවල් නාස්තිවී තිබේ.

යෙරුසලම, නුඹේ ඇස් ඔසවා, උතුරුදිගින් එන්නන් බලන්න. නුඹට දුන් රැළ වන නුඹේ අලංකාර රැළ කොයිද?

මග යන සියල්ලෝ නුඹට විරුද්ධව අත්පුඩිගසති; ඔව්හු පරිහාසකොට, යෙරුසලම් දුවට විරුද්ධව තමුන්ගේ හිස්වනමින්: පරම අලංකාරකමය, මුළු පොළොවට ප්‍රීති හේතුවයයි කී නුවර මේකදැයි කියති.

විසිතුරු වස්ත්‍ර මම නුඹට හඳවා, තහෂ් හම්වලින්වූ වහන් නුඹට දමා, සිහින් හණ රෙදි පිළියෙන් කටිය බැඳ, පටරෙදිවලින් නුඹ වැසුවෙමි.

මා නුඹට දුන්නාවූ මාගේ රන් රිදීවලින් සෑදූ නුඹේ ලක්ෂණ ආභරණ රැගෙන පුරුෂයන්ගේ රූප සාදාගෙන, ඒවා සමඟ වේශ්‍යාකම්කෙළෙහිය;

කන්ට මා විසින් නුඹට දුන්නාවූ මාගේ කෑම වන සිහින් පිටිද තෙල්ද මීපැණිද නුඹ මිහිරි සුවඳ පිණිස ඒවා ඉදිරියෙහි තැබුවෙහිය, මෙසේ වුණායයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.

තවද නුඹලා දුරස්තරයෙහි සිටින මනුෂ්‍යයන්ට අඬගසා ඇරියහුය. ඔවුන් ළඟට පණිවිඩකාරයෙක් අරිනලද්දේය, ඔව්හුද ආවෝය; නුඹ ඔවුන් නිසා නාගන, නුඹේ ඇස්වල අඳුන් ගා ආභරණ පැළඳගෙන, අලංකාර ඇඳක ඉඳගත්තෙහිය,

නුඹේ බොහෝ කර්මාන්ත නිසා සිරිය නුඹේ වෙළෙන්දෙක්ව සිටියාය. ඔව්හු රතුකැටවලින්ද රත්නිල් රෙදිවලින්ද විසිතුරු රෙදිවලින්ද සිහින් රෙදිවලින්ද පබළුවලින්ද ලෝහිතංකවලින්ද නුඹ සමඟ ගනුදෙනුකළෝය.

ඔවුන්ගේ මව් වේශ්‍යාකම්ද ඔවුන් බිහිකළ තැනැත්තී නින්දිතකම්දකර තිබේ. මක්නිසාද ඈ කථාකොට: මට කෑමද වතුරද ලොම්ද හණද තෙල්ද බීමද දෙන්නාවූ මාගේ ප්‍රේමවන්තයන් පස්සේ යන්නෙමියි කීවාය.

එය තිරිඟුද යවද මුද්‍රික වැල්ද අත්තික්කා ගස්ද දෙළුම් ගස්ද ඇති දේශයක්ය; තෙල් ඔළීවද මීපැණිද ඇති දේශයක්ය;

එවිට සාමුවෙල් තෙල් කුලාව රැගෙන සාවුල්ගේ හිසේ වත්කොට ඔහු සිඹ: ස්වාමීන්වහන්සේ තමන්ගේ උරුමය කෙරෙහි අධිපතියාකොට නුඹ ආලේපකළසේක් නොවේදැයි කීය.

නුමුත් අම්මොන් පුත්‍රයන්ගේ රජවූ නාහාෂ් නුඹලාට විරුද්ධව එන බව නුඹලා දුටු කල, නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලාගේ රජව සිටි නුමුත් නුඹලා–එසේ නොවේ, රජකෙනෙක් අප කෙරෙහි රජකම්කරන්ට ඕනෑයයි කීවහුය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්