ඔවුන්ගේ මුහුණුවල ස්වරූපයේ හැටියට ඒවායේ පෙනීමත් ඒවාත් මා කෙබාර් ගඟ ළඟදී දුටු මුහුණුය; ඔව්හු එකිනෙකා කෙළින්ම ඉස්සරහට ගියෝය.
තිස්වෙනි අවුරුද්දේ සතරවෙනි මාසයේ පස්වෙනිදා කෙබාර් ගංගාව ළඟ වහලට අසුවූවන් අතරේ මා සිටින කල්හි අහස විවෘතවී දේවදර්ශන මට පෙනුණේය.
ඔවුන්ගේ මුහුණුවල ස්වරූපය මෙසේය: ඔවුන්ට මනුෂ්‍ය මුහුණක්ද ඔවුන් සතරදෙනාට දකුණු පැත්තේ සිංහ මුහුණක්ද ඔවුන් සතරදෙනාට වම් පැත්තේ ගව මුහුණක්ද ඔවුන් සතරදෙනාට රාජාලි මුහුණක්ද බැගින් තිබුණේය.
ඔවුන් එක එකා කෙළින් ඉස්සරහට ගියේය. ආත්මය යම් තැනකට යන්ට කැමැතිවීද ඔව්හු එහි ගියෝය; ඔව්හු යන විට නොහැරුණෝය.
ඔවුන්ගේ පියාපත් එකිනෙකට බැඳී තැවරී තිබුණේය; ඔව්හු යන විට නොහැරී කෙළින් ඉස්සරහට ගියෝය.
ඒවා යන කල නොහැරී ඒවායේ සතර පැති දෙසට ගියෝය; ඒවා යන කල නොහැරී හිස තිබෙන දිශාවටම ඒ පස්සේ ගියෝය.
එක එකාට මුහුණු සතරක් බැගින්ද එක එකාට පියාපත් සතරක්ද ඔවුන්ගේ පියාපත් යට මනුෂ්‍ය අත් වැනි ස්වරූපයක්ද තිබුණේය.
තවද ආත්මය මා උස්සාගන ගොස් නැගෙනහිර දෙසට තිබෙන ස්වාමීන්වහන්සේගේ ගෘහයේ නැගෙනහිර දොරටුවට මා පැමිණෙවුවේය. බලව, මනුෂ්‍යයන් විසිපස් දෙනෙක් දොරකඩ සිටියෝය; ඔවුන් අතරේ සෙනඟගේ අධිපතියන් වන අස්සුර්ගේ පුත්‍රවූ යාසනියාද බෙනායාගේ පුත්‍රවූ පෙලතියාද සිටිනවා දුටිමි.
මා දුටු පෙනීම නම් නුවර විනාශකරන්ට මා එද්දී මා විසින් දුටු දර්ශනයේ පෙනීම මෙන්ය; ඒ දර්ශනද කෙබාර් ගංගාව ළඟදී මා දුටු දර්ශනය මෙන්ය. එවිට මම මුහුණින් වැටුණෙමි.
මේවා තේරුම්ගැනීමට ප්‍රඥාවන්තව, මේවා දැනගැනීමට බුද්ධිමත්ව සිටින්නේ කවුද? මක්නිසාද ස්වාමීන්වහන්සේගේ මාර්ග හරිය, ධර්මිෂ්ඨයෝ එහි ඇවිදින්නෝය; නුමුත් අපරාධකාරයෝ එහිදී වැටෙන්නාහුය.