එක එකාට මුහුණු සතරක් බැගින්ද එක එකාට පියාපත් සතරක්ද ඔවුන්ගේ පියාපත් යට මනුෂ්‍ය අත් වැනි ස්වරූපයක්ද තිබුණේය.
ඔවුන් එකිනෙකාට මුහුණු සතරක්ද එකිනෙකාට පියාපත් සතරක්ද විය.
එකිනෙකාට මුහුණු සතරක් විය. පළමුවෙනි මුහුණ කෙරුබ් මුහුණය, දෙවෙනි මුහුණ මනුෂ්‍ය මුහුණය, තුන්වෙනි එක සිංහ මුහුණය, සතරවෙනි එක රාජාලි මුහුණය. කෙරුබ්වරුද ඉහළට නැංගෝය.
ඔවුන්ගේ මුහුණුවල ස්වරූපයේ හැටියට ඒවායේ පෙනීමත් ඒවාත් මා කෙබාර් ගඟ ළඟදී දුටු මුහුණුය; ඔව්හු එකිනෙකා කෙළින්ම ඉස්සරහට ගියෝය.
පළමුවෙනි සත්වයා සිංහයෙකුට සමානය, දෙවෙනි සත්වයා වස්සෙකුට සමානය, තුන්වෙනි සත්වයාට මනුෂ්‍යයෙකුගේ මෙන් මුහුණක් තිබුණේය, සතරවෙනි සත්වයා පියාසරකරන රාජාලියෙකුට සමානය.