එවිට යෝසෙප්ගේ සහෝදරයන් දසදෙනෙක් මිසරයෙන් ධාන්‍ය මිලේට ගන්නා පිණිස ගියෝය.
ඔව්හු: ඔබගේ මෙහෙකරුවූ අපි සහෝදරයන් දොළොස් දෙනෙක්ය, කානාන් දේශයෙහි එක මනුෂ්‍යයෙකුගේ පුත්‍රයෝය; බාල තැනැත්තේ දැනට අපගේ පියාණන් සමඟ සිටියි, එක්කෙනෙක් නැත්තේයයි කීවෝය.
මිසරයෙහි ධාන්‍ය තිබෙන බව ඇසීමි. අප නොනැසී ජීවත්වෙන පිණිස නුඹලා එහි ගොස් එතැනින් අපට මිලේට ගන්නැයි කීවේය.
නුමුත් යාකොබ් යෝසෙප්ගේ සහෝදරවූ බෙන්යමින් ඔහුගේ සහෝදරයන් සමඟ නොයැවීය; කුමක් හෙයින්ද: සමහරවිට ඔහුට නපුරක් පැමිණෙන්ට පුළුවනැයි ඔහු කීවේය.
සාගතය කානාන් දේශයෙහි වූ බැවින් මිලේට ගන්ට ආ තැනැත්තන් අතරේ ඉශ්‍රායෙල්ගේ පුත්‍රයෝද ආවෝය.