Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



උත්පත්ති 42:2

Sinhala Revised Old Version

මිසරයෙහි ධාන්‍ය තිබෙන බව ඇසීමි. අප නොනැසී ජීවත්වෙන පිණිස නුඹලා එහි ගොස් එතැනින් අපට මිලේට ගන්නැයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

11 හුවමාරු යොමු  

එවිට යෝසෙප්ගේ සහෝදරයන් දසදෙනෙක් මිසරයෙන් ධාන්‍ය මිලේට ගන්නා පිණිස ගියෝය.

ඔවුන් මිසරයෙන් ගෙනාවාවූ ධාන්‍ය කාලා ඉවර වූ කල ඔවුන්ගේ පියා ඔවුන්ට කථාකොට: නැවත ගොස් අපට ආහාර ටිකක් මිලේට ගනිල්ලායයි කීවේය.

ඔබ අපගේ සහෝදරයා අප සමඟ යවන්නෙහි නම් අපි ගොස් ඔබට ආහාර මිලේට ගන්නෙමුව.

යූදා තමාගේ පියවූ ඉශ්‍රායෙල්ට කථාකොට: අප සහ ඔබත් අපේ දරුවනුත් නොනැසී ජීවත්වන ලෙස අප පිටත්වී යන පිණිස තරුණයා මා සමඟ යැවුව මැනවි.

නුඹලා ඉක්මන්කොට මාගේ පියා වෙතට ගොස්: ඔබගේ පුත්‍රවූ යෝසෙප් මෙසේ කියයි–දෙවියන්වහන්සේ මා මුළු මිසර දේශයට ස්වාමියා කළසේක. ප්‍රමාද නොව මා වෙතට අව මැනවි.

මම නොනැසී, ජීවත්ව සිට, ස්වාමීන්ගේ ක්‍රියා ප්‍රකාශකරන්නෙමි.

බලව, ස්වාමීන් කෙරෙහි භය ඇත්තන් සහ උන්වහන්සේගේ කරුණාව බලා සිටින්නන්ගේ ආත්මය මරණයෙන් ගළවන පිණිසත්,

දුර්භික්ෂයේදී ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කරන පිණිසත්, උන්වහන්සේගේ ඇස ඔවුන් කෙරෙහි යොමුකොට තිබේ.

ඒ කාලයේදී හෙසකියා මරණාසන්න වන තරම් රෝගාතුරවිය. ආමොස්ගේ පුත්‍රවූ අනාගතවක්තෘවූ යෙසායා ඔහු ළඟට ඇවිත්: නුඹේ ගෙදර කාරණා බේරා තබන්න; මක්නිසාද නුඹ මැරෙන්නෙහිය, ජීවත් නොවන්නෙහිය කියා ස්වාමීන්වහන්සේ කියනසේකැයි ඔහුට කීවේය.

උන්වහන්සේ උත්තරදෙමින්: මනුෂ්‍යයා දෙවියන්වහන්සේගේ මුඛයෙන් නික්මෙන සියලු වචනවලින් ජීවත්වෙනවා මිස, රොටි පමණකින් ජීවත් නොවන්නේය කියා ලියා තිබේයයි කීසේක.

නුමුත් මිසරයෙහි ධාන්‍ය ඇති බව යාකොබ් අසා, පළමුවාරයේ අපේ පියවරුන් යැවුවේය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්