නැත, දේශයේ බෙලහීනකම බලන්ට ආවහුයයි ඔහු ඔවුන්ට කීය.
අපි සියල්ලෝම එක මනුෂ්‍යයෙකුගේ පුත්‍රයෝය; අපි අවංක මනුෂ්‍යයෝය, ඔබගේ මෙහෙකරුවෝ ඔත්තුකාරයෝ නොවෙතියි කීවෝය.
ඔව්හු: ඔබගේ මෙහෙකරුවූ අපි සහෝදරයන් දොළොස් දෙනෙක්ය, කානාන් දේශයෙහි එක මනුෂ්‍යයෙකුගේ පුත්‍රයෝය; බාල තැනැත්තේ දැනට අපගේ පියාණන් සමඟ සිටියි, එක්කෙනෙක් නැත්තේයයි කීවෝය.
මෙයින් නුඹලා පරීක්ෂාකරනු ලබන්නහුය. ඵාරාවෝගේ ජීවිතය පා නුඹලාගේ බාල සහෝදරයා මෙහි ආවොත් මිස නැත්නම් නුඹලා මෙතැනින් නොයන්නහුයයි කියමි.
නේර්ගේ පුත්‍රවූ අබ්නේර් ඔබ රවටා, ඔබගේ යාම ඊමත් ඔබ කරන සියල්ලත් දැන ගන්ට ආ බව ඔබ දන්නෙහියයි කීවේය.