අපි සියල්ලෝම එක මනුෂ්‍යයෙකුගේ පුත්‍රයෝය; අපි අවංක මනුෂ්‍යයෝය, ඔබගේ මෙහෙකරුවෝ ඔත්තුකාරයෝ නොවෙතියි කීවෝය.
නැත, දේශයේ බෙලහීනකම බලන්ට ආවහුයයි ඔහු ඔවුන්ට කීය.
නුඹලා තුළ සැබෑකම තිබේද කියා නුඹලාගේ වචනවලින් පරීක්ෂාකරනු ලබන පිණිස අනික් අය හිරඅඩස්සියේ සිටියදී නුඹලාගේ සහෝදරයා ගෙනෙන්ට නුඹලාගෙන් එක්කෙනෙකු යවන්න. නැතහොත් ඵාරාවෝගේ ජීවිතය පා සැබවින්ම නුඹලා ඔත්තුකාරයෝයයි කියමියි කීය.
නුඹලා අවංක මනුෂ්‍යයෝ නම් නුඹලාගේ සහෝදරයන්ගෙන් එක්කෙනෙක් නුඹලා සිටින හිරගෙයි හිර අඩස්සියේ සිටියදී නුඹලා නුඹලාගේ ගෙවල්වල හිඟකම නිසා ධාන්‍ය රැගෙන යන්න.
අපි ඔහුට කථාකොට: අපි අවංක මනුෂ්‍යයෝය; ඔත්තුකාරයෝ නොවමුව.
ඔව්හුද: නුඹලාගේ පියා තවම ජීවත්ව සිටින්නේද? නුඹලාට තව සහෝදරයෙක් ඉන්නේදැයි කියමින් ඒ මනුෂ්‍යයා අප ගැනත් අපේ නෑයන් ගැනත් විශේෂලෙස අපෙන් විචාළේය; ඒ වචන ප්‍රකාරයට අපි ඔහුට දැන්නුවෙමු. නුඹලාගේ සහෝදරයා මෙහි ගෙනෙන්නැයි ඔහු කියන බව අපට යම් හැටියකින් දැනගන්ට පුළුවන්වීදැයි කීවෝය.
තමාම උපදවන දේ කියන්නා තමාගේම ගෞරවය සොයයි. නුමුත් තමා එවූ තැනන්වහන්සේගේ ගෞරවය සොයන්නා සැබෑවූ කෙනෙක්ය, ඔහු තුළ අධර්මිෂ්ඨකමක් නැත.
බොහෝ ඉවසීමෙන්ද පීඩාවලින්ද හිඟකම්වලින්ද විපත්තිවලින්ද,