යාකොබ් බැටළුපැටවුන් වෙන්කොට රැළවල සිව්පාවන්ගේ මුහුණු ලාබන්ගේ රැළේ රේඛා ඇති සතුන්ද කළුපාට ඇති සියල්ලන්ද දෙසට හැරෙවුවේය; තමාගේම රංචු ලාබන්ගේ රැළ අතරෙහි නොසිටුවා වෙන්කොට සිටෙවුවේය.
එසේ කෝටු ඉදිරියේදී ගැබ්ගෙන රේඛා සහ තිත්ද ලපද ඇතිවුන් බිහිකළෝය.
තවද රැළේ වඩා ශක්තිමත් එවුන් ගැබ්ගන්න කල උන් කෝටු ඉදිරිපිටදී ගැබ්ගන්නා පිණිස ඔහු ඒ කෝටු උන්ගේ ඇස් ඉදිරිපිට වතුර ඔරුවල තැබුවේය.