එසේ කෝටු ඉදිරියේදී ගැබ්ගෙන රේඛා සහ තිත්ද ලපද ඇතිවුන් බිහිකළෝය.
සිව්පාවන් බොන්ට ආකල පොතු ඇරිය කෝටු වතුර වත්කරන ඔරුවල උන් ඉදිරිපිට තැබුවේය; සිව්පාවෝ බොන්ට ආ කල ගැබ්ගත්හ.
යාකොබ් බැටළුපැටවුන් වෙන්කොට රැළවල සිව්පාවන්ගේ මුහුණු ලාබන්ගේ රැළේ රේඛා ඇති සතුන්ද කළුපාට ඇති සියල්ලන්ද දෙසට හැරෙවුවේය; තමාගේම රංචු ලාබන්ගේ රැළ අතරෙහි නොසිටුවා වෙන්කොට සිටෙවුවේය.
දැනට විසි අවුරුද්දක් නුඹ සමඟ සිටියෙමි; නුඹේ බැටළුදෙන්නුද නුඹේ එළුදෙන්නුද ගබ්සානුවූවෝය, නුඹේ රැළවල බැටළුවන් මම නොකෑයෙමි.
දවාලේ රස්නයෙන්ද රාත්‍රියේ ශීතලෙන්ද ක්ෂයවීමි; මාගේ ඇස්වලින් මාගේ නින්ද පහව ගියේය.
ආබ්‍රහම්ගේ දෙවියන්වහන්සේද ඊසාක්ගේ භය භූමියද වූ තැනන්වහන්සේ, මාගේ පියාගේ දෙවියන්වහන්සේ, මා සමඟ නොසිටිසේක්නම් සැබවින් නුඹ මා හිස් අතින් යන්ට හරිනවා ඇත. දෙවියන්වහන්සේ මාගේ පීඩාව සහ මාගේ අත්වල වෙහෙසද දැක ඊයේ රාත්‍රියේ නුඹට තරවටුකළසේකැයි ලාබන්ට කීය.
ලප ඇතිවුන් නුඹේ කුලී වන්නේයයි ඔහු කී කල, මුළු රැළ ලප ඇතිවුන් බිහිකළෝය. රේඛා ඇතිවුන් නුඹේ කුලී වන්නෙහියයි කී කල, මුළු රැළ රේඛා ඇතිවුන් බිහිකළහ.