Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



උත්පත්ති 30:4

Sinhala Revised Old Version

තමාගේ දාසීවූ බිල්හා භාර්යා කොට ඔහුට පාවාදුන්නාය. යාකොබ් ඈ කරා පැමිණියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

12 හුවමාරු යොමු  

සාරයි ආබ්‍රම්ට කථාකොට: ස්වාමීන්වහන්සේ මා දරුවන් බිහිකිරීමෙන් වැළැක්වූසේක; මාගේ දාසිය වෙතට පැමුණුණ මැනවි, සමහරවිට ඈ කරණකොටගෙන මට දරුවෝ ලැබෙතැයි කීවාය. ආබ්‍රම් සාරායිගේ හඬට කන්දුන්නේය.

එහෙයින් ඈ ආබ්‍රහම්ට කථාකොට: මේ දාසිය සහ ඇගේ පුත්‍රයා පිටත දමන්න. මක්නිසාද මේ දාසියගේ පුත්‍රයා මාගේ පුත්‍රයාවූ ඊසාක් සමඟ උරුමක්කාර නොවන්නේයයි කීවාය.

රෙයුමා නම්වූ ඔහුගේ උපභාර්යාවත් තෙබාද ගහම්ද තහෂ්ද මාකාද බිහිකළාය.

ආබ්‍රහම් තව භාර්යාවකු පාවාගත්තේය, ඇගේ නාමය කෙතුරාය.

නුමුත් ආබ්‍රහම්ට සිටිය උප භාර්යාවන්ගේ පුත්‍රයන්ට ආබ්‍රහම් තෑගිදී ඔහු ජීවත්ව සිටි කල්හිම තමාගේ පුත්‍රවූ ඊසාක් කෙරෙන් ඔවුන් අහක්කර නැගෙනහිර දෙසට එනම් පෙරදිග රටට යන්ට හැරියේය.

තවද ලාබන් තම දියණියවූ රාඛෙල්ට තමාගේ දාසීවූ බිල්හා දාසියක් කොට දුන්නේය.

බිල්හා ගර්භිණීව යාකොබ් නිසා පුත්‍රයෙකු බිහිකළාය.

දාසීන් සහ ඔවුන්ගේ දරුවන් පෙරටුකොටද, ලෙයා සහ ඇගේ දරුවන් පස්සෙන්ද, රාඛෙල් සහ යෝසෙප් ඊටත් පස්සෙන්ද සිටුවා,

තවද ඉශ්‍රායෙල් ඒ දේශයෙහි වසන කල්හි රූබෙන් ගොස් තම පියාගේ උපභාර්යාවවූ බිල්හා සමඟ සයනයකෙළේය. ඉශ්‍රායෙල්ට එපවත් සැලවිය. යාකොබ්ගේ පුත්‍රයෝ දොළොස් දෙනෙක්ය.

ඔවුන් ලාබන් තමාගේ දියණියවූ රාඛෙල්ට දුන් බිල්හාගේ පුත්‍රයෝය, ඈ යාකොබ් නිසා ඔවුන් බිහිකළාය. ඒ සියල්ලෝ සත් දෙනෙක්ය.

ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක–මම නුඹට විරුද්ධව නුඹේම පවුලෙන් විපත්ති උපදවා, නුඹේ ඇස් ඉදිරියේදී නුඹේ භාර්යාවන් රැගෙන නුඹේ අසල්වාසියෙකුට දෙන්නෙමි; හෙතෙම මේ සූර්යයා ඉදිරියෙහි නුඹේ භාර්යාවන් සමඟ සයනයකරන්නේය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්