එවිට රාබෙල්: මාගේ දාසීවූ බිල්හා බලන්න, ඈ මාගේ උකුළට දරුවන් බිහිකර දෙන පිණිසද ඈ කරණකොටගෙන මටත් දරුවන් ලැබෙන පිණිසද ඈ කරා එළඹෙන්න කියා
ලෙයාද තමාගේ වැදීම නැවතුණු බව දුටු කල තමාගේ දාසීවූ ශිල්පා භාර්යා කොට යාකොබ්ට පාවාදුන්නාය.
ඔවුන් ලාබන් තමාගේ දියණියවූ රාඛෙල්ට දුන් බිල්හාගේ පුත්‍රයෝය, ඈ යාකොබ් නිසා ඔවුන් බිහිකළාය. ඒ සියල්ලෝ සත් දෙනෙක්ය.
එප්‍රායිම්ගේ දරුවන් තුන්වෙනි පරම්පරාව දක්වා දුටුවේය. මනස්සේගේ පුත්‍රවූ, මාඛිර්ගේ දරුවෝද යෝසෙප්ගේ උකුළ පිට ඇතිවුණෝය.
උකුළ මා පිළිගත්තේ මන්ද? මා කිරිබොන පිණිස තන සූදානම්ව තිබුණේ මක්නිසාද?
දොරටුවේ සිටි මුළු සෙනඟද වැඩිමහල්ලෝද කථාකොට: අපි සාක්ෂිකාරයෝය. ස්වාමීන්වහන්සේ නුඹේ ගෙට එන මේ ස්ත්‍රිය ඉශ්‍රායෙල් වංශය ගොඩනැගූ රාඛෙල්ද ලෙයාද යන ස්ත්‍රීන් දෙදෙනා මෙන් කරනසේක්වා. නුඹ එප්‍රාතාහි සම්පත් උපදවා ගන්න, බෙත්-ලෙහෙමෙහි කීර්තිමත් වෙන්න.