ඔව්හු රජුට කථාකොට: අප නැතිකළාවූ, අප ඉශ්‍රායෙල්වරුන්ගේ කොයි සීමාවකවත් නොසිට නැතිවීයන ලෙස
දාවිත්ගේ දවස්වලදී අවුරුද්දෙන් අවුරුද්ද තුන් අවුරුද්දක්ම සාගතයක් විය; දාවිත් ස්වාමීන්වහන්සේගෙන් විභාගකළ විට ස්වාමීන්වහන්සේ: සාවුල් විසින් ගිබියොන්වරුන් මැරූ බැවින් ඔහු නිසාත් ඔහුගේ කුරිරු වංශය නිසාත්යයි කීසේක.
අපට විරුද්ධව උපා යෙදූ මනුෂ්‍යයාගේ පුත්‍රයන්ගෙන් පුරුෂයන් සත්දෙනෙකුන් අපට පාවාදුන මැනවි. අපිද ස්වාමීන්වහන්සේ විසින් තෝරාගත් සාවුල් සිටි ගිබියාහි ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඔවුන් එල්ලා තබන්නෙමුයයි කීවෝය. එවිට රජ: ඔවුන් දෙන්නෙමියි කීවේය.
සති සැටදෙකකට පසු ආලේපලත් තැනැත්තා සිඳදමනු ලැබේ, කිසිවෙක්ද ඔහුට නොවන්නේය. පැමිණෙ අධිපතියාගේ සෙනඟ නුවර සහ ශුද්ධස්ථානය විනාශකරන්නෝය; එහි කෙළවර ජලගැල්මකින් මෙන් වන්නේය, කෙළවර දක්වාම යුද්ධ පවතින්නේය; පාළුකිරීම්ද නියමකර තිබේ.
මක්නිසාද නුඹලා යම් විනිශ්චයකින් විනිශ්චයකරන්නහුද එයින්ම නුඹලාත් විනිශ්චයකරනු ලබන්නහුය. යම් මිම්මකින් නුඹලා මැනදෙන්නහුද එයින්ම නුඹලාටත් මැනදෙනු ලබන්නේය.