ගිබියොන්වරුද: සාවුල්ට සහ ඔහුගේ වංශයට විරුද්ධව අපට ඇත්තේ රිදී රත්රන් ගැන කාරණයක් නොවේ; ඉශ්රායෙල්හි යමෙකු මැරීම අපේ වැඩක් නොවේයයි ඔහුට කීවෝය. ඔහුද: නුඹලා කියනදෙයක් නුඹලාට කරදෙමියි කීවේය.
මා විසින් නුඹට කුමක් දිය යුතුදැයි ඔහු ඇසුවේය. එවිට යාකොබ්: නුඹ මට කිසිවක් දෙන්ට ඕනෑ නැත. ඉදින් මේක මට කරනවානම් මම නැවත නුඹේ රැළ පෝෂණය කොට බලාගන්නෙමි.
මරනු ලබන්ට සුදුසු වරදකාරයෙක්ව සිටින මිනීමරන්නාගේ ප්රාණය උදෙසා මිදීමේ මුදලක් භාරනොගන්න. මක්නිසාද ඔහු සැබවින් මරනු ලැබිය යුතුය.
තමාගේ ආරක්ෂා නුවරට පලාගොස් සිටින තැනැත්තා උත්තම පූජකයා නසින්ට පළමුවෙන් දේශයෙහි වාසයකිරීමට හැරී එන පිණිස ඔහු උදෙසාත් මිදීමේ මුදලක් භාරනොගන්න.