අබ්නේර්: නුඹ දකුණට හෝ වමට හෝ හැරී, යෞවනයන්ගෙන් එක්කෙනෙකු අල්ලා, ඔහුගේ ආයුධ හැරගන්නැයි ඔහුට කීවේය. නුමුත් අසාහෙල් ඔහු වෙතින් අහක්ව යන්ට කැමති නොවීය.
එවිට අබ්නේර් පස්සට හැරී: නුඹ අසාහෙල්දැයි ඇසීය. එසේයයි ඔහු කීය.
නැවතත් අබ්නේර්: මා වෙතින් අහක්ව යන්න, මක්නිසාද මම නුඹ බිමට ගසාහෙළන්නෙම්ද? එසේ කළොත් මා නුඹේ සහෝදරවූ යෝවාබ්ට මාගේ මුහුණ ඔසවන්නේ කොහොමදැයි අසාහෙල්ට කීවේය.
එවිට ස්වාමීන්වහන්සේගේ ආත්මය බලවත් ලෙස ඔහු කෙරෙහි පැමිණියේය, ඔහු අෂ්කෙලොන්ට ගොස් එහි මිනිසුන් තිස්දෙනෙකු මරා ඔවුන්ගෙන් කොල්ලකාගෙන තේරවිල්ල තෝරා දුන් අයට ඇඳුම් කුට්ටම් දුන්නේය. ඔහුගේ කෝපය ඇවිළී ඔහු තමාගේ පියාගේ ගෙදරට ගියේය.