එවිට අබ්නේර් පස්සට හැරී: නුඹ අසාහෙල්දැයි ඇසීය. එසේයයි ඔහු කීය.
අසාහෙල් අබ්නේර් පස්සේ එළවාගන යනුයේ, දකුණටවත් වමටවත් නොහැරී අබ්නේර් පස්සේම ගියේය.
අබ්නේර්: නුඹ දකුණට හෝ වමට හෝ හැරී, යෞවනයන්ගෙන් එක්කෙනෙකු අල්ලා, ඔහුගේ ආයුධ හැරගන්නැයි ඔහුට කීවේය. නුමුත් අසාහෙල් ඔහු වෙතින් අහක්ව යන්ට කැමති නොවීය.