අබ්නේර්: තරුණයෝ නැගිට අප ඉදිරියෙහි ක්‍රීඩාකෙරෙත්වයි යෝවාබ්ට කීය. යෝවාබ්ද: ඔව්හු එසේ කෙරෙත්වයි කීය.
එවිට සාවුල්ගේ පුත්‍රවූ ඊෂ්-බොෂෙත්ට අයිති බෙන්යමින්වරුන්ගෙන් ගණන් වශයෙන් දොළොස් දෙනෙක්ද දාවිත්ගේ සේවකයන්ගෙන් දොළොස් දෙනෙක්ද නැගිට ගියෝය.
එවිට ඔව්හු එකිනෙකා තමතමාගේ විරුද්ධකාරයාගේ හිස අල්ලා කඩුවෙන් ළැපැත්තට ඇන එක්ව වැටුණෝය. එබැවින් ගිබියොන් ළඟ තිබෙන ඒ ස්ථානයට හෙල්කත්-හශ්ශුරීම් යන නම තබනලද්දේය.
ඒ දවසේ සටන ඉතා බලවත්විය; අබ්නේර්ද ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝද දාවිත්ගේ සේවකයන්ට පැරදුණෝය.
එකල අමශියා පණිවිඩකාරයන් යවා: එන්න, අපි මුණගැසෙමු කියා යේහුගේ පුත්‍රවූ යෙහෝවාහාස්ගේ පුත්‍ර වන ඉශ්‍රායෙල් රජවූ යෙහෝවාෂ්ට කියා ඇරියේය.
නපුරුකම්කිරීම අඥානයාට සෙල්ලමක් වැනිය; නුවණ ඇති මනුෂ්‍යයාට ප්‍රඥාවත් එසේමය.
ඩබරය පටන්ගැන්ම වක්කඩක් අරින්නාක්මෙන්ය; එබැවින් තරඟය ඇවිස්සෙන්ට පළමුවෙන් එය අත්හරින්න.
සියලු අදහස් මන්ත්‍රණයෙන් ස්ථිරවේ; ඥානවන්ත ගුරුකම් පිට යුද්ධකරන්න
නඩුකීමට ඉක්මන්වී පිටත්ව නොයන්න, ගියොත්, අන්තිමේදී නුඹේ අසල්වාසියා නුඹ ලජ්ජාවට පත්කළාම, නුඹ කරන්නේ කුමක්ද?