ශෙරුයාගේ පුත්‍රවූ යෝවාබ්ද දාවිත්ගේ සේවකයෝද පිටත්ව ගොස් ගිබියොන් පොකුණ ළඟදී මුණගැසී එක පක්ෂයක් පොකුණේ එක පැත්තකද අනික් පක්ෂය පොකුණේ අනික් පැත්තේද හිඳගත්තෝය.
ශෙරුයාගේ පුත්‍රයන් තුන්දෙනා වන යෝවාබ්ද අබිෂයිද අසාහෙල්ද එහි සිටියෝය. අසාහෙල්ට වනයේ මුවෙකුට මෙන් පාදවල ශීඝ්‍රකම තිබුණේය.
යෝවාබ් මුළු ඉශ්‍රායෙල් සේනාවට අධිපතියාය. යෙහෝයාදාගේ පුත්‍රවූ බෙනායා කෙරෙතිවරුන්ටත් පෙලෙතිවරුන්ටත් අධිපතියාය.
ඔවුන් ගිබියොන්හි තිබෙන මහ ගල ළඟ සිටියදී අමාසා ඔවුන් ඉදිරියට ආයේය. යෝවාබ් තමාගේ යුද්ධ ඇඳුම් ඇඳ ඒ උඩ ඉඟ පටියක් බැඳගන උන්නේය, කඩුවක්ද කොපුවේ දමා ඔහුගේ ඉඟටියේ එයින් බැඳ තිබුණේය; ඔහු පිටතට යද්දී ඒක වැටුණේය.
යෝවාබ්ගේ සහෝදරවූ අසාහෙල් වනාහි තිස් දෙනාගෙන් එක්කෙනෙක්ය; තවත් අය නම් බෙත්-ලෙහෙම්හි දෝදෝගේ පුත්‍රවූ එල්හානාන්ය;
ශෙරුයාගේ පුත්‍රවූ යෝවාබ් සේනාපතියාව සිටියේය; අහිලූද්ගේ පුත්‍රවූ යෙහෝෂාපාත් වාර්තාකරුවාව සිටියේය.
ඔහු ශෙරුයාගේ පුත්‍රවූ යෝවාබ් සහ අබියාතර් පූජකයා සමඟ මන්ත්‍රණයකෙළේය. ඔව්හු අදොනියාට පක්ෂව ඔහුට උපකාරකළෝය.
තවද ශෙරුයාගේ පුත්‍රවූ යෝවාබ් විසින් මට කළ දේ, එසේය, ඉශ්‍රායෙල් සේනාවල අධිපතීන් දෙදෙනාවූ නේර්ගේ පුත්‍රවූ අබ්නේර්ටත් යෙතෙර්ගේ පුත්‍රවූ අමාසාටත් කළ දේ නුඹ දන්නෙහිය; ඔහු ඔවුන් මරා සමාදාන කාලයේදී යුද්ධ ලේ වගුරුවා තමාගේ ඉඟටියෙහි තිබුණු පටිය පිටත් තමාගේ පාදවල තිබුණු වහන් පිටත් යුද්ධ ලේ දමාගත්තේය.
දාවිත් කථාකොට: පළමුකොට යෙබූසිවරුන්ට පහරදෙන කවරෙක් නුමුත් ප්‍රධානියාද අධිපතියාද වන්නේයයි කීවේය. ශෙරුයාගේ පුත්‍රවූ යෝවාබ් පළමුකොට නැගී ගොස් ප්‍රධානියා වුණේය.
මොවුන්ගේ සහෝදරියෝ නම්: ශෙරුයා සහ අබිගයිල්ය. ශෙරුයාගේ පුත්‍රයෝ නම්: අබිෂයිද යෝවාබ්ද අසාහෙල්ද යන තුන්දෙනාය.
හතරවෙනි මාසයට හතරවෙනි අධිපතියා නම් යෝවාබ්ගේ සහෝදරවූ අසාහෙල්ය, ඔහුට පසුව ඔහුගේ පුත්‍රවූ සෙබදියාය. ඔහුගේ පංක්තියෙහි විසිහතර දහසක් සිටියෝය.
සියලු මනුෂ්‍යයන් අඬගහගන, නෙතනියාගේ පුත්‍රවූ ඉෂ්මායෙල්ට විරුද්ධව යුද්ධකරන්ට ගොස් ගිබියොන්හි තිබෙන මහ ජලාශය ළඟදී ඔවුන්ට සම්මුඛවූවෝය.
එවිට දාවිත් හිත්තීය අහිමෙලෙක්ටත් ශෙරුයාගේ පුත්‍රවූ, යෝවාබ්ගේ සහෝදරවූ අබිෂයිටත් කථාකොට: සාවුල් ළඟට මා සමඟ කඳවුරට යන්නේ කවුදැයි ඇසුවේය. මම ඔබ සමඟ යමියි අබිෂයි කීවේය.