එවිට යෝවාබ්: ගොස් නුඹ දුටු කාරණා රජුට දන්වන්නැයි කූශියයාට කීවේය. කූශියයා යෝවාබ්ට වැඳ දිවුවේය.
යෝවාබ්ද: අද නුඹ ආරංචි ගෙන නොයන්න, වෙන දවසක ආරංචි ගෙනයන්ට පුළුවන. නුමුත් රජුගේ පුත්‍රයා මැරුණු නිසා අද ආරංචි ගෙනයන්ට එපායයි ඔහුට කීවේය.
එවිට ශාදොක්ගේ පුත්‍රවූ අහිමයාශ් නැවතත් යෝවාබ්ට කථාකොට: කොහොම නුමුත් මටත් කූශියයා පස්සේ දුවන්ට අවසර දුනමැනවැයි කීවේය. යෝවාබ්ද: මාගේ පුත්‍රය, නුඹට සෑහෙන ආරංචි නැති කොට දුවන්නේ මක්නිසාදැයි ඇසුවේය.
එහෙත් ඔහු: මක්වෙතත් දුවමියි කීවේය. ඔහුද: දුවන්නැයි ඔහුට කීය. එවිට අහිමයාශ් සමභූමියේ මාවතින් දුවගොස් කූශියයා පසුකර ගියේය.
එවිට කූශියයා ආවේය. කූශියයා කථාකොට: මාගේ ස්වාමිවූ රජ්ජුරුවන්ට ආරංචි තිබේ. මක්නිසාද ඔබට විරුද්ධව නැගුටුණු සියල්ලන්ගෙන් ස්වාමීන්වහන්සේ අද ඔබ උදෙසා පළිගත්සේකැයි කීවේය.