යෝවාබ්ද: අද නුඹ ආරංචි ගෙන නොයන්න, වෙන දවසක ආරංචි ගෙනයන්ට පුළුවන. නුමුත් රජුගේ පුත්‍රයා මැරුණු නිසා අද ආරංචි ගෙනයන්ට එපායයි ඔහුට කීවේය.
එකල ශාදොක්ගේ පුත්‍රවූ අහිමයාශ් කථාකොට: ස්වාමීන්වහන්සේ රජ්ජුරුවන් උදෙසා ඔහුගේ සතුරන්ගෙන් පළිගත් බව රජුට දන්වන පිණිස දුවන්ට මට අවසර ලැබේවයි කීවේය.
එවිට යෝවාබ්: ගොස් නුඹ දුටු කාරණා රජුට දන්වන්නැයි කූශියයාට කීවේය. කූශියයා යෝවාබ්ට වැඳ දිවුවේය.
මුරකාරයාද: පළමුවෙනි අයගේ දිවීම ශාදොක්ගේ පුත්‍රවූ අහිමයාශ්ගේ දිවීම වාගේ මට පෙනේයයි කීවේය. රජද: ඔහු යහපත් මනුෂ්‍යයෙක්ය, හොඳ ආරංචි ඇතුව එන්නේයයි කීය.
අබ්සලොම් යෞවනයා සුවසේ සිටිනේදැයි රජ ඇසුවේය. එවිට අහිමයාශ්: යෝවාබ් විසින් රජ්ජුරුවන්ගේ මෙහෙකරුවාත් ඔබගේ මෙහෙකරුවූ මාත් එවන කොට මහත් කෝලාහලයක් දුටිමි, නුමුත් එය කිමෙක්දැයි නොදත්තෙමියි උත්තරදුන්නේය.
එවිට රජ බොහෝසෙයින් කම්පාවී, දොරටුවේ උඩුමහලට නැගී ගොස් ඇඬුවේය. ඔහු යමින්ම: අහෝ, මාගේ පුත්‍රවූ අබ්සලොම්, මාගේ පුත්‍රය, මාගේ පුත්‍රවූ අබ්සලොම්! නුඹ වෙනුවට මා මැරුණා නම් යහපත, අහෝ, අබ්සලොම්, මාගේ පුත්‍රය, මාගේ පුත්‍රයයි කීවේය.
රජ යෝවාබ්ටද අබිෂයිටද ඉත්තයිටද කථාකොට: මා නිසා ඒ යෞවනයාට, අබ්සලොම්ට මෘදුකමින් ක්‍රියාකරන්නැයි අණකෙළේය. රජ අබ්සලොම් ගැන සියලු අධිපතීන්ට අණකරනවා මුළු සෙනඟට ඇසුණේය.
තවද රජ අබ්සලොම් ගැන අඬා වැලපෙන්නේය කියා යෝවාබ්ට දන්වන ලද්දේය.