හදර්එසෙර්ද ප්‍රාත් ගංගාවට එගොඩින් සිටිය සිරියවරුන් ගෙන්වාගත්තේය. ඔව්හුද ඔවුන්ට පෙරටුව හදර්එසෙර්ගේ සේනාපතියාවූ ෂෝබාද හේලාම්ට ආවෝය.
සිරියවරු තමුන් ඉශ්‍රායෙල් ඉදිරියෙහි පරාජයවූ බව දැක එකට රැස්වූවෝය.
එපවත් දාවිත්ට දැන්වූ කල ඔහු සියලු ඉශ්‍රායෙල්වරුන් රැස්කරගන යොර්දානෙන් එගොඩවී හේලාම්ට ගියේය.
දෙවියන්වහන්සේ ඔහුට තවත් විරුද්ධකාරයෙකු නැගිටෙවුසේක, එනම් තමාගේ ස්වාමිවූ ශෝබායේ රජවූ හදද් එසෙර් වෙතින් පලාගියාවූ එලියාදාගේ පුත්‍රවූ රෙසොන්ය.
තවද ශෝබාහි රජවූ හදර්එසෙර් ප්‍රාත් ගඟ ළඟ තමාගේ බලය පිහිටුවන්ට යද්දී, දාවිත් හමාත් දක්වා ඔහුට පහරදී,
දමස්කයේ සිරියවරු ශෝබාහි රජවූ හදර්එසෙර්ට උපකාරකරන්ට ආවෝය. එවිට දාවිත් සිරියවරුන්ගෙන් මනුෂ්‍යයන් විසිදෙදහසකට පහරදී,
සිරියවරු තමුන් ඉශ්‍රායෙල් ඉදිරිපිට පැරදුණු බව දැක පණිවිඩකාරයන් යවා ගංගාවට එගොඩින් සිටි සිරියවරුන් ගෙන්වාගත්තෝය. හදර්එසෙර්ගේ සේනාපතියාවූ ෂෝපාක් ඔවුන්ට පෙරටුව ආවේය.