සිරියවරු තමුන් ඉශ්‍රායෙල් ඉදිරියෙහි පරාජයවූ බව දැක එකට රැස්වූවෝය.
සිරියවරුන් පලාගිය බව අම්මොන් පුත්‍රයෝ දැක ඔව්හු අබිෂයි ඉදිරියෙන් පලාගොස් නුවරට ඇතුල්වූහ. එවිට යෝවාබ් අම්මොන් පුත්‍රයන් වෙතින් යෙරුසලමට හැරී ආයේය.
හදර්එසෙර්ද ප්‍රාත් ගංගාවට එගොඩින් සිටිය සිරියවරුන් ගෙන්වාගත්තේය. ඔව්හුද ඔවුන්ට පෙරටුව හදර්එසෙර්ගේ සේනාපතියාවූ ෂෝබාද හේලාම්ට ආවෝය.
තවද රෙහෝබ්ගේ පුත්‍රයාවූ ශෝබාහි රජවූ හදද්එසෙර් ප්‍රාත් ගංගාව ළඟ තමාගේ බලය නැවත පිහිටුවන්ට යද්දී දාවිත් ඔහුටත් පහරදී,
මනුෂ්‍ය ජාතීහු කුමට කෝලාහල කෙරෙද්ද? මනුෂ්‍ය වර්ගයෝ කුමට නිෂ්ඵල දෙයක් යෝජනාකෙරෙද්ද?
ගින්නේ උෂ්ණය නිවුවෝය, කඩුමුවහතින් ගැළවුණෝය, දුර්වලව සිට ශක්තිමත්කරනු ලැබුවෝය, යුද්ධයෙහි බලසම්පන්නවූවෝය, අන්‍ය සේනාවක් පන්නාදැමුවෝය.
තවද හාශොර්හි රජවූ යාබීන් මේ දේ ඇසූ කල, මාදොන්හි රජවූ යෝබාබ්ටද ෂිම්රොන්හි රජුටද ආක්ෂාප්හි රජුටද,
මේ සියලු රජවරු රැස්වී ඇවිත්, ඉශ්‍රායෙල්වරුන්ට විරුද්ධව යුද්ධ කරන්ට මෙරොම්හි ජල ළඟ එක්ව කඳවුරු බැඳගත්තෝය.