අහසියා විසි දෑවුරුදු වයසේදී රජවී යෙරුසලමේ අවුරුද්දක් රජකම්කෙළේය. ඔහුගේ මවුගේ නම අතාලියාය, ඈ ඉශ්‍රායෙල් රජවූ ඔම්රීගේ දුවෙක්ය.
තවද මම මාගේ හිස නමා ස්වාමීන්වහන්සේට නමස්කාරකොට, මාගේ ස්වාමියාගේ පුත්‍රයාට ඔහුගේ සහෝදරයාගේ දියණිය ලබාගන්න පිණිස හරි මාර්ගයෙහි මා ගෙනාවාවූ, මාගේ ස්වාමියා වන ආබ්‍රහම්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රශංසා කෙළෙමි.
නුමුත් ඔම්රීට එකතුවුණ සෙනඟ ගීනත්ගේ පුත්‍රවූ තිබ්නීට එකතුවුණ සෙනඟ පරාජය කළෝය. මෙසේ තිබ්නී මෙළේය, ඔම්රී රජවුණේය.
යූදාහි රජවූ ආසාගේ තිස් එක්වෙනි අවුරුද්දේදී ඔම්රී ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි රජවී දොළොස් අවුරුද්දක් රජකම්කෙළේය. තිර්ශාහි ඔහු අවුරුදු හයක් රජකම්කෙළේය.
අහසියාගේ මවුවූ අතලියා ඇගේ පුත්‍රයා මළ බව දැක නැගිට මුළු රාජ වංශය විනාශකළාය.
අහසියා හතළිස් දෑවුරුදු වයසේදී රජවී, අවුරුද්දක් යෙරුසලමෙහි රජකම්කෙළේය. ඔහුගේ මවුගේ නම අතලියාය, ඈ ඔම්රීගේ දුවෙක්ය.