ඉශ්‍රායෙල් රජවූ ආහබ්ගේ පුත්‍රවූ යෝරාම්ගේ දොළොස්වෙනි අවුරුද්දේදී යූදාහි රජ වන යෙහෝරාම්ගේ පුත්‍රවූ අහසියා රජ වුණේය.
ආහබ්ගේ පුත්‍රවූ යෝරාම්ගේ එකොළොස්වෙනි අවුරුද්දේදී අහසියා යූදා කෙරෙහි රජවුණේය.
ඔහුගේ පුත්‍රයා යොරාම්ය, ඔහුගේ පුත්‍රයා අහසියාය, ඔහුගේ පුත්‍රයා යෝවාෂ්ය;
ඔහු තිස් දෑවුරුදු වයසේදී රජවී අට අවුරුද්දක් යෙරුසලමෙහි රජකම්කෙළේය. ඔහුගේ මරණය ගැන කිසිවෙක් කනගාටුනූණේය; ඔව්හු දාවිත්ගේ නුවර ඔහු තැන්පත් කළෝය, නුමුත් රජවරුන්ගේ සොහොන් ගෙවල්හි නොවේය.
යෙරුසලමේ වැසියෝ ඔහුගේ බාල පුත්‍රවූ අහසියා ඔහු වෙනුවට රජකමට පත්කළෝය. මක්නිසාද අරාබිවරුන් සමඟ කඳවුරට ආ හමුදාව සියලු වැඩිමහල් පුත්‍රයන් මැරුවෝය. එබැවින් යූදාහි රජවූ යෙහෝරාම්ගේ පුත් අහසියා රජකම්කෙළේය.