ඔහු: ස්වාමීන්වහන්සේ නුඹට පිහිට නොවනසේක් නම් මම කොතැනින් නුඹට පිහිටවෙම්ද? පාවරෙන්ද නොහොත් මිදි පැසෙන්දැයි කියා:
ඔව්හු යොර්දානෙන් එගොඩ පිහිටි ආතාද්ගේ පාවරට පැමුණුණ කල එහිදී ඉතා මහත්වූ තද වැලපීමකින් වැලපුණෝය. ඔහු තම පියාණන් ගැන සත් දවසක් ශෝකවුණේය.
ඉශ්‍රායෙල් රජු පවුර පිට යන කල ස්ත්‍රියක්: මාගේ ස්වාමිවූ රජ්ජුරුවනි, පිහිටවුවමැනවැයි කියා මොරගැසුවාය.
නුඹට මක්වෙලාදැයි ඇගෙන් ඇසුවේය. ඈද: නුඹේ පුත්‍රයා අද අපට කන්ට දෙන්න, මගේ පුත්‍රයා හෙට අපි කන්නෙමුයයි මේ ස්ත්‍රී මට කීවාය.
ස්වාමීන්වහන්සේ ගෙය නොසාදනසේක් නම්, සාදන්නෝ නිෂ්ඵලයේ වෙහෙසෙති. ස්වාමීන්වහන්සේ නුවර ආරක්ෂා නොකරනසේක් නම්, රැකවලා නිෂ්ඵලයේ අවදිව සිටියි.
අධිපතීන් කෙරෙහිවත් පිහිටවිය නොහැකි මනුෂ්‍ය පුත්‍රයා කෙරෙහිවත් විශ්වාසය නොතබව්.
එදිරිකාරයාට විරුද්ධව අපට පිහිටවුව මැනව. මක්නිසාද මනුෂ්‍යයාගේ පිහිට නිෂ්ඵලය.
ජනයෙනි, සෑමවිටම උන්වහන්සේ කෙරෙහි විශ්වාසකරව්; උන්වහන්සේ ඉදිරියේ නුඹලාගේ සිත් වගුරුවව්. දෙවියන්වහන්සේ අපට රක්ෂාස්ථානයක්ය.
මතු දවස්වලදී ස්වාමීන්වහන්සේගේ ගෘහයේ කන්ද කඳු මුදුනේ පිහිටුවනලදුව හෙල්වලට වඩා උස්වන්නේය; සියලු ජාතීහුද ඒ වෙතට රැස්වී එන්නෝය.
ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මනුෂ්‍යයා කෙරෙහි විශ්වාසකරන්නාවූ, මාංසය තමාගේ හස්තයකොට තබාගන්නාවූ, සිතින් ස්වාමීන්වහන්සේ කෙරෙන් පහවයන්නාවූ මනුෂ්‍යයා ශාපලද්දෙක්ය.