ඉශ්‍රායෙල් රජු පවුර පිට යන කල ස්ත්‍රියක්: මාගේ ස්වාමිවූ රජ්ජුරුවනි, පිහිටවුවමැනවැයි කියා මොරගැසුවාය.
මුළු මිසර දේශයෙහි සාගතය වූ කල සෙනඟ ආහාර ගැන ඵාරාවෝට මොරගැසුවෝය. ඵාරාවෝ සියලු මිසරවරුන්ට කථාකොට: යෝසෙප් වෙතට ගොස් ඔහු නුඹලාට කියන දේ කරන්නැයි කීය.
තෙකෝවාහි ස්ත්‍රී රජු ළඟට ගොස් මුහුණින් බිම වැටී වැඳ: අනේ රජ්ජුරුවෙනි, පිහිටවුවමැනවැයි කීවාය.
කොටළුහිසක් රිදී ෂෙකෙල් අසූවකටත් පරෙවිවසුරු කැබ් එකකින් සතරෙන් කොටසක් රිදී ෂෙකෙල් පහකටත් විකිණෙනතෙක් ඔව්හු සමාරිය වටලාගන සිටියෝය.
ඔහු: ස්වාමීන්වහන්සේ නුඹට පිහිට නොවනසේක් නම් මම කොතැනින් නුඹට පිහිටවෙම්ද? පාවරෙන්ද නොහොත් මිදි පැසෙන්දැයි කියා:
පළිගැනීමේ දවසේදීත් දුරින් එන විනාශයේදීත් නුඹලා කුමක් කරන්නහුද? උපකාර ලැබීම පිණිස නුඹලා කා ළඟට පලායන්නහුද? නුඹලාගේ තේජස කොතැන තබා යන්නහුද?
ඒ නුවර වැන්දඹුවක්ද සිටියාය; ඈ නොයෙක්වර ඔහු ළඟට ගොස්: මාගේ විරුද්ධකාරයා ගැන මට යුක්තිය කළමැනවයි කීවාය.
සෙනඟටද ව්‍යවස්ථාවටද මේ ස්ථානයටද විරුද්ධව සියලු තැන්වල සියල්ලන්ට උගන්වන්නාවූ මනුෂ්‍යයා මොහුය. එපමණකුත් නොව ග්‍රීක්වරුන්ද දේවමාළිගාවට කැඳවාගෙනවිත්, ඔහු මේ ශුද්ධස්ථානය අපවිත්‍රකෙළේයයි මොරගසා කීවෝය.