Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



2 රාජාවලිය 4:40

Sinhala Revised Old Version

තවද ඔව්හු ඒවා මිනිසුන්ට කන පිණිස වත්කර දුන්නේය. නුමුත් ඔව්හු ඒ කෑම කන අතර මොරගසා: දෙවියන්වහන්සේගේ මනුෂ්‍යය, සැළියේ මරණය තිබේයයි කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

11 හුවමාරු යොමු  

යාකොබ් කෑමක් පිසමින් සිටිය විට ඒසව් වනයේ සිට ක්ලාන්තව අවුත්:

එවිට ඈ එලියාට කථාකොට: දෙවියන්වහන්සේගේ මනුෂ්‍යය, ඔබගෙන් මට කම මොකද? මාගේ පාපය සිහිකරවන්ටත් මාගේ පුත්‍රයා මරන්ටත් මා ළඟට ආයෙහියයි එලියාට කීවාය.

රජ නැවත තවත් පනසාධිපතියෙකු ඔහුගේ පනස්දෙනා සමඟ ඔහු ළඟට ඇරියේය. ඔහු කථාකොට: දෙවියන්වහන්සේගේ මනුෂ්‍යය, ඉක්මනින් බැස එන්න කියා රජ කියන්නේයයි ඔහුට කීවේය.

රජ නැවතත් තුන්වෙනි වර පනසාධිපතියෙකු ඔහුගේ පනස්දෙනා සමඟ ඇරියේය. පනසට අධිපතිවූ තුන්වෙනියාද නැගී ගොස් එලියා ඉදිරියෙහි දණින් වැටී යාච්ඤාකරමින්: දෙවියන්වහන්සේගේ මනුෂ්‍යය, මාගේ ප්‍රාණයද ඔබගේ මෙහෙකරුවන්වූ මේ පනස්දෙනාගේ ප්‍රාණද ඔබගේ ඇස් හමුවෙහි අනර්ඝ වේවා.

එවිට රජ පනසාධිපතියෙකු ඔහුගේ පනස්දෙනා සමඟ ඔහු වෙතට ඇරියේය. හෙතෙමේ කන්ද මුදුනේ හිඳගන උන් එලියා ළඟට ගොස්: දෙවියන්වහන්සේගේ මනුෂ්‍යය, බැස එන්න කියා රජු කියන්නේයයි ඔහුට කීවේය.

එක්කෙනෙක් පලා එකතුකරන්ට කෙතට ගොස් වල් වැළක් සම්බවී එයින් වල් කැකිරි කඩා තමාගේ ඔඩොක්කුව පුරවාගෙන ඇවිත් ඒවා කෑලිකොට කපා කෑම සැළියේ දැමීය. මක්නිසාද ඔව්හු ඒ මොනවාදැයි දැන නොගත්තෝය.

ඈ ඇගේ පුරුෂයාට කථාකොට: නිතරම අප ළඟින් යන එන මොහු දෙවියන්වහන්සේගේ ශුද්ධ මනුෂ්‍යයෙක් බව මට පෙනෙයි.

එබැවින් මේ වර පමණක් මාගේ පාපයට කමාවී මේ මරණය පමණක් මාගෙන් පහකරන්ට නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට කන්නලව් කරන්නැයි කීවේය.

ඔවුන් මාරාට පැමුණුණු කල එහි වතුර තික්ත නිසා බොන්ට නොහැකි විය. එබැවින් ඒ ස්ථානයට මාරා යන නම තබනලද්දේය.

සර්පයන් අල්ලාගන්නෝය, යම් මරණීය වස ජාතියක් බීවත් එයින් කිසිසේත් ඔවුන්ට අනතුරක් නොවන්නේය; ඔවුන් රෝගීන් පිට අත් තැබූ කල්හි, ඔව්හු සුවය ලබන්නෝයයි කීසේක.

දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාවූ මෝසෙස් තමාගේ මරණයට පළමුවෙන් ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කළාවූ ආශීර්වාදය මේය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්