එක්කෙනෙක් පලා එකතුකරන්ට කෙතට ගොස් වල් වැළක් සම්බවී එයින් වල් කැකිරි කඩා තමාගේ ඔඩොක්කුව පුරවාගෙන ඇවිත් ඒවා කෑලිකොට කපා කෑම සැළියේ දැමීය. මක්නිසාද ඔව්හු ඒ මොනවාදැයි දැන නොගත්තෝය.
යාකොබ් කෑමක් පිසමින් සිටිය විට ඒසව් වනයේ සිට ක්ලාන්තව අවුත්:
ගෘහයේ ඇතුළත කැකිරි වැල්ද පිපුණු මල්ද කැටයම්කළ කිහිරි ලීවලින් වසා තිබුණේය. මුළුල්ලම කිහිරි ලීය; කිසි ගලක් පෙනෙන්ට නොතිබුණේය.
එලිෂා ගිල්ගාල්ට නැවත ඇවිත් සිටියදී දේශයෙහි දුර්භික්ෂයක් තිබුණේය; ශිෂ්‍ය ප්‍රොපේතවරුද ඔහු ඉදිරියෙහි ඉඳගන උන්නෝය. ලොකු සැළිය ලිපේ තබා ප්‍රොපේතවරුන්ට කෑම පිසින්නැයි ඔහු තමාගේ මෙහෙකරුවාට කීවේය.
තවද ඔව්හු ඒවා මිනිසුන්ට කන පිණිස වත්කර දුන්නේය. නුමුත් ඔව්හු ඒ කෑම කන අතර මොරගසා: දෙවියන්වහන්සේගේ මනුෂ්‍යය, සැළියේ මරණය තිබේයයි කීවෝය.
දැනගැන්ම නැතිව සිටීම ආත්මයට හොඳ නැත; තමාගේ පාදවලින් ඉක්මන්වෙන්නා වරදට වැටෙන්නේය.
මාගේ මිදිවත්ත උදෙසා මා විසින් නොකළාවූ වෙන කුමක් කරන්ට පුළුවන්ව තිබුණේද? එහි හොඳ මුද්‍රික ඵල හටගන්නවා මා බලාසිටි විට වල් මුද්‍රික ඵල හටගත්තේ මක්නිසාද?
එහෙත් මා විසින් නුඹ හොඳ මිදිවැළක්ද මුළුමනින්ම හරිවූ බීජයක්ද කොට හිටවා තිබුණේය. එසේ වී නම් නුඹ වෙනස්වී මට වල් මිදිවැළක නරක්වූ පැළයක් වුණේ කොහොමද?
උන්වහන්සේ උත්තරදෙමින්: මාගේ ස්වර්ගීය පියාණන්වහන්සේ විසින් නොඉන්දූ සියලුම පැළෑටි උදුරනු ලබන්නේය.
කිසිවෙක් දෙවියන්වහන්සේගේ කරුණාවෙන් පසුබට නොවන පිණිසද, තික්තකමේ මුලක් හටගෙන එයින් නුඹලා කලඹා බොහෝ දෙනෙක් කිලුටු නොවන පිණිසද,