Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



2 රාජාවලිය 4:17

Sinhala Revised Old Version

ඒ ස්ත්‍රී ගර්භිණීව එලිෂා ඈට කී හැටියට ඊළඟ අවුරුද්දේ ඒ කාලය පැමිණිවිට පුත්‍රයෙකු බිහිකළාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

8 හුවමාරු යොමු  

ස්වාමීන්වහන්සේ තමන් කියා තිබුණු ලෙස සාරා දෙස බැලූසේක, ස්වාමීන්වහන්සේ කථාකළ ලෙස සාරාට කළසේක.

ඔහු: ලබන අවුරුද්දේ මේ කාලය පැමිණි විට නුඹ පුත්‍රයෙකු වැළඳගන්නීයයි කීවේය. ඈද: නැත, මාගේ ස්වාමිනි, දෙවියන්වහන්සේගේ මනුෂ්‍යය, ඔබගේ දාසීට බොරු කියන්ට එපායයි කීවාය.

ඒ ළමයා වැඩුණුකල එක් දවසක් ගොයම් කපන්නන් අතරේ සිටි තමාගේ පියා ළඟට ගියේය.

උන්වහන්සේ වඳ ස්ත්‍රීය දරුවන් ඇති ගෙය රක්නාවූ ප්‍රීතිමත් මවෙක් කරවනසේක. ස්වාමීන්ට ප්‍රශංසාකරව්.

බලව, නුඹට නෑවූ එලිසබෙත් ඇගේ මහලු වයසේදී පුත්‍රයෙකු පිළිසිඳ ඉන්නීය. වඳීයයි කියන ලද ඈට දැනට සවෙනි මාසයය.

ඇදහිල්ලෙන්, සාරාත් පොරොන්දුව දුන් තැනන්වහන්සේ විශ්වාස කෙනෙකැයි පිළිගත් නිසා, නිසි වයස පසුවෙලාත් ගර්භිණීවෙන්ට බලය ලැබුවාය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්