ඔහු: ලබන අවුරුද්දේ මේ කාලය පැමිණි විට නුඹ පුත්‍රයෙකු වැළඳගන්නීයයි කීවේය. ඈද: නැත, මාගේ ස්වාමිනි, දෙවියන්වහන්සේගේ මනුෂ්‍යය, ඔබගේ දාසීට බොරු කියන්ට එපායයි කීවාය.
එහෙත් මාගේ ගිවිසුම එන අවුරුද්දේ නියම කාලයේදී සාරා නුඹට බිහිකරන්නාවූ ඊසාක් සමඟ පිහිටුවන්නෙමියි කීසේක.
කූඩාරමෙහියයි ඔහු කීය. එවිට උන්වහන්සේ: සැබවින්ම එන අවුරුද්දේ නියම කාලය පැමිණි විට මම නුඹ වෙතට නැවත එන්නෙමි; බලව, නුඹේ භාර්යාවවූ සාරා පුත්‍රයෙකු ලබන්නීයයි කීසේක. උන්වහන්සේට පස්සෙන් තිබුණු කූඩාරම් දොරකඩදී සාරාට ඒ ඇසුණේය.
එවිට ඈ එලියාට කථාකොට: දෙවියන්වහන්සේගේ මනුෂ්‍යය, ඔබගෙන් මට කම මොකද? මාගේ පාපය සිහිකරවන්ටත් මාගේ පුත්‍රයා මරන්ටත් මා ළඟට ආයෙහියයි එලියාට කීවාය.
ස්ත්‍රීද: ඔබ දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයෙක් බවත් ඔබගේ මුඛයෙහි තිබෙන ස්වාමීන්වහන්සේගේ වචනය සැබෑ බවත් දැන් දනිමියි එලියාට කීවාය.
එවිට ඔහු කථාකොට: ඔබගේ මෙහෙකරුවූ මා මරන පිණිස ආහබ්ගේ අතට පාවාදීමට මම මොන පාපයක් කෙළම්ද?
ඒ නුවර මනුෂ්‍යයෝ එලිෂාට කථාකොට: මෙන්න, මාගේ ස්වාමියාට පෙනෙන හැටියට මේ නුවර පිහිටා තිබෙන ස්ථානය ප්‍රසන්නය. නුමුත් වතුර නරකය, පොළොවත් වඳ වෙන්ට සලස්වනවායයි කීවෝය.
ඈට අඬගසන්නැයි ඔහු කීය. ඔහු ඈට අඬගැසූ කල ඈ දොරකඩ ළඟට ආවාය.
ඒ ස්ත්‍රී ගර්භිණීව එලිෂා ඈට කී හැටියට ඊළඟ අවුරුද්දේ ඒ කාලය පැමිණිවිට පුත්‍රයෙකු බිහිකළාය.
එවිට ඈ: මාගේ ස්වාමීන්ගෙන් මම පුත්‍රයෙකු ඉල්ලුවෙම්ද? මා රවටන්ට එපායයි නොකීයෙම්දැයි කීවාය.
සියලු මනුෂ්‍යයෝම බොරුවකැයි මාගේ ඉක්මන්කමින් කීමි.
නුමුත් දේවදූතයා ඔහුට කථාකොට: සෙකරියස්, භය නොවන්න. මක්නිසාද නුඹේ කන්නලව්ව අසනලද්දේය, නුඹේ භාර්යාවවූ එලිසබෙත් නුඹ නිසා පුත්‍රයෙකු බිහිකරන්නීය, ඔහුට යොහන් යන නම තබන්න.