ඔහු විසිපස් අවුරුදු වයසේදී රජවී විසිනව අවුරුද්දක් යෙරුසලමේ රජකම්කෙළේය. ඔහුගේ මවුගේ නම් අබීය, ඈ සෙකරියාගේ දුවෙක්ය.
නුඹ ගොස් හෙසකියාට මෙසේ කියන්න–නුඹේ පියා වන දාවිත්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මම නුඹේ යාච්ඤාව ඇසීමි, නුඹේ කඳුළු දුටිමි. නුඹේ වයසට අවුරුදු පහළොහක් එකතුකරන්නෙමි.