Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



2 රාජාවලිය 18:1

Sinhala Revised Old Version

ඒලාගේ පුත්‍රවූ ඉශ්‍රායෙල් රජවූ හෝෂෙයාගේ තුන්වෙනි අවුරුද්දේදී යූදාහි රජවූ ආහාස්ගේ පුත්‍රවූ හෙසකියා රජවුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

12 හුවමාරු යොමු  

උස්සියාගේ පුත්‍රවූ යෝතාම්ගේ විසිවෙනි අවුරුද්දේදී ඒලාගේ පුත්‍රවූ හෝෂෙයා රෙමලියාගේ පුත්‍රවූ පෙකාට විරුද්ධව කුමන්ත්‍රණයකොට, ඔහුට පහරදී මරා ඔහු වෙනුවට රජවුණේය.

ආහාස් විසි අවුරුදු වයසේදී රජවී යෙරුසලමේ දහසය අවුරුද්දක් රජකම්කෙළේය. ඔහු තමාගේ පියවූ දාවිත් මෙන් තමාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි හරිව තිබුණු දේ නොකර,

ආහාස් තමාගේ පියවරුන් සමඟ සැතපී දාවිත්ගේ නුවර තමාගේ පියවරුන් ළඟ තැන්පත්කරනු ලැබුවේය. ඔහුගේ පුත්‍රවූ හෙසකියා ඔහු වෙනුවට රජවුණේය.

යූදාහි රජවූ ආහාස්ගේ දොළොස් වෙනි අවුරුද්දේදී ඒලාගේ පුත්‍රවූ හෝෂෙයා සමාරියෙහි ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි රජවී නව අවුරුද්දක් රජකම්කෙළේය.

ඒලාගේ පුත්‍රවූ ඉශ්‍රායෙල් රජවූ හෝෂෙයාගේ සත්වෙනි අවුරුද්ද වන හෙසෙකියා රජුගේ සතරවෙනි අවුරුද්දේදී අෂූර්හි රජවූ ෂල්මෙනෙසෙර් සමාරියට විරුද්ධව ඇවිත් ඒක වටලාගෙන,

ඔහුගේ පුත්‍රයා ආහාස්ය, ඔහුගේ පුත්‍රයා හෙසකියාය, ඔහුගේ පුත්‍රයා මනස්සේය;

ආහාස් තමාගේ පියවරුන් සමඟ සැතපුණේය, ඔව්හු යෙරුසලම් නුවර ඔහු තැන්පත් කළෝය; මක්නිසාද ඔව්හු ඉශ්‍රායෙල් රජුන්ගේ සොහොන් ගෙවල ඔහු නොතැබුවෝය. ඔහුගේ පුත්‍රවූ හෙසකියා ඔහු වෙනුවට රජ විය.

හෙසකියා විසිපස් අවුරුදු වයසේදී රජවී විසිනව අවුරුද්දක් යෙරුසලමෙහි රජකම්කෙළේය. ඔහුගේ මවුගේ නම අබියාය, ඈ ශෙකරියාගේ දුවෙක්ය.

පූජාකර නිමවූ කල රජද ඔහු සමඟ සිටි සියල්ලෝද නැමී වැන්දෝය.

යෝතාම්ද ආහාස්ද හෙසකියාද යන යූදාහි රජවරුන්ගේ දවස්වලදී මොරෂ්තිය මීකා වෙතට පැමින්නාවූ, සමාරිය සහ යෙරුසලම ගැන ඔහු දුටුවාවූ ස්වාමීන්වහන්සේගේ වචනයය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්