මක්නිසාද මම දැන් යාගකරනු ලබමින් සිටිමි, මාගේ ඉකුත්වීමේ කාලයද පැමිණ තිබේ.
ඉශ්‍රායෙල් යෝසෙප්ට කථාකොට: බලව, මම නසිමි. එහෙත් දෙවියන්වහන්සේ නුඹලා සමඟ සිට නුඹලාගේ පියවරුන්ගේ දේශයට නැවත නුඹලා පමුණුවනසේක.
යෝසෙප් තමාගේ සහෝදරයන්ට කථාකොට: මම නසිමි. එහෙත් දෙවියන්වහන්සේ සැබවින් නුඹලා බලා වදාරා ආබ්‍රහම්ටද ඊසාක්ටද යාකොබ්ටද දෙන පිණිස දිවුළ දේශයට මේ දේශයෙන් නුඹලා ගෙනයනවා ඇතැයි කීවේය.
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: බලව, නුඹ මැරෙන කාලය ආසන්නය. නුඹ යෝෂුවා කැඳවාගන විත් මා විසින් ඔහුට අණකරන පිණිස සම්මුඛවීමේ කූඩාරමෙහි සිටින්නැයි කීසේක. එවිට මෝසෙස් හා යෝෂුවා ගොස් සම්මුඛවීමේ කූඩාරමෙහි සිටියෝය.
නුමුත් මම මේ දෙක මැද හිරවී සිටිමි; මාගේ ආශාව නම් තුරන්ව ගොස් ක්‍රිස්තුස්වහන්සේ සමඟ විසීමටය; මක්නිසාද ඒක බොහෝසෙයින් වඩා හොඳය.
එසේය, මා නුඹලාගේ ඇදහිල්ල නැමති පූජාවත් මෙහෙයත් පිට පූජාකරනු ලබන නුමුත් සන්තෝෂවෙමි, නුඹලා සියල්ලන් සමඟ ප්‍රීතිවෙමි.
බලව, අද මම මුළු පොළොවේ සියල්ලන් යන මාර්ගයේ යමි. නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලා ගැන කී සියලු යහපත් දේවලින් එක දෙයක්වත් අත්නෑරුණ බව නුඹලාගේ මුළු සිතෙනුත් මුළු ආත්මයෙනුත් නුඹලා දන්නහුය; එයින් එක දෙයක්වත් අත්නෑරී සියල්ලම නුඹලාට පැමුණුණේය.