Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



2 තිමෝති 4:5

Sinhala Revised Old Version

නුමුත් නුඹ සියලු කාරණාවලදී සිහි ඇතුව සිටින්න, දුක් ඉවසන්න, ශුභාරංචිය ප්‍රකාශකරන්නෙකුගේ වැඩේ කරන්න, නුඹේ සේවය සම්පූර්ණකරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

28 හුවමාරු යොමු  

එම්බා යෙරුසලම, නුඹේ පවුරු පිට මුරකාරයන් සිටෙවුවෙමි; ඔව්හු රෑවත් දවල්වත් කොහෙත්ම නිශ්ශබ්ද නොවන්නෝය. ස්වාමීන්වහන්සේට මතක්කරවන තැනැත්තෙනි,

මමද ඔවුන් කෙරෙහි රැකවලුන් පත්කොට: හොරණෑ ශබ්දයට ඇහුම්කන්දෙන්නැයි කීවෙමි; නුමුත් ඔව්හු: අපි ඇහුම්කන් නොදෙන්නෙමුයයි කීවෝය.

මනුෂ්‍ය පුත්‍රය, ඉශ්‍රායෙල් වංශයට නුඹ මුරකාරයෙකු කෙළෙමි. නුඹ මාගේ මුඛයෙන් වචනය අසා, මාගේ නාමයෙන් ඔවුන්ට අවවාදකරන්න.

මනුෂ්‍ය පුත්‍රය, නුඹේ සෙනඟගේ පුත්‍රයන්ට කථාකොට මෙසේ කියන්න–මා විසින් යම් දේශයකට කඩුව පමුණුවන විට ඒ දේශයේ සෙනඟ තමුන් අතරෙන් මනුෂ්‍යයෙකු ගෙන තමුන්ට මුරකාරයා කොට තැබුවොත්,

එසේම, මනුෂ්‍ය පුත්‍රය, මම නුඹ ඉශ්‍රායෙල් වංශයට මුරකාරයෙකු කෙළෙමි; නුඹද මාගේ මුඛයෙන් වචනය අසා, මාගේ නාමයෙන් ඔවුන්ට අවවාදකරන්න.

තලෙන්ත පහ ලැබූ තැනැත්තේ එවලේම ගොස් එයින් වෙළඳාම්කොට තවත් තලෙන්ත පහක් ඉපදවූයේය.

ඒ වනාහි තමාගේ දාසයන්ට බලයද එකිනෙකාට තම තමාගේ වැඩද දී, අවදිව සිටින්නැයි දොරටුපාලයාට අණ දී, තමාගේ ගෙදරින් පිටත්ව ගොස් අන් රටක නැවතී සිටින මනුෂ්‍යයෙකුට සමානය.

මම නුඹලාට කියන දේ සියල්ලන්ටම කියමි–අවදිව සිටින්නැයි කීසේක.

ස්වාමියා එන කල දාසයන් අවදිව සිටිනවා ඔහු දුටුවොත්, ඔව්හු වාසනාවන්තයෝය. සැබවක් නුඹලාට කියමි–ඔහු තමාගේ ඉඟටිය බැඳගෙන, ඔවුන් කෑමට හිඳුවා, ඇවිත් ඔවුන්ට උපස්ථානකරන්නේය.

පසුවදා අපි පිටත්ව කායිසාරියට ඇවිත්, සත්දෙනාගෙන් එක්කෙනෙක්වූ එවැන්ජලිස්ත පිලිප්ගේ ගෙට පැමිණ ඔහු සමඟ නැවතී සිටියෙමුව.

ක්‍රිස්තුස්වහන්සේ විසින් මා කරණකොටගෙන කරවනලද කාරණා ගැන මිස, අන් කිසිවක් ගැන කථාකරන්ට සිතටවත් නොගතිමි. එසේම යෙරුසලම පටන් ඉල්ලුරිකය දක්වා අවට රටවල ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය සම්පූර්ණ වශයෙන් දේශනාකෙළෙමි.

උන්වහන්සේ සමහරුන් ප්‍රේරිතයන්ද සමහරුන් අනාගතවක්තෘවරුන්ද සමහරුන් ශුභාරංචිය ප්‍රකාශකරන්නන්ද සමහරුන් සභාපාලකයන්ද සමහරුන් ගුරුවරුන්ද කොට දුන්සේක.

එසේ දුන්නේ ඇදහීමේද දෙවියන්වහන්සේගේ පුත්‍රයා දැනගැනීමේද එකමුතුකමටත්, සම්පූර්ණ පුරුෂකමටත්, ක්‍රිස්තුස්වහන්සේගේ සම්පූර්ණවූ උස මහතේ ප්‍රමාණයටත් අප සියල්ලන් පැමිණෙන තෙක්,

පූර්ව කාලවලද පරම්පරාවලද පටන් සැඟවී තිබී, දැන් දෙවියන්වහන්සේගේ ශුද්ධවන්තයන්ට ප්‍රකාශවුණාවූ රහස වන,

ස්වාමීන්වහන්සේ තුළ නුඹ ලැබූ සේවය සම්පූර්ණකරන පිණිස ඒ ගැන බලාගන්නැයි අර්කිපස්ට කියන්න.

එබැවින් වෙන තැනැත්තන් මෙන් අපි නිදා නොගෙන, අවදිව මත් නොවී සිටිමු.

නුඹේ යෞවනකම සුළුකරන්ට කිසිවෙකුට ඉඩ නෑර, කථාවෙනුත් හැසිරීමෙනුත් ප්‍රේමයෙනුත් ඇදහිල්ලෙනුත් පිරිසිදුකමෙනුත් අදහන්නන්ට නුඹම ආදර්ශයක් වෙන්න.

නුඹේ දියුණුවීම සියල්ලන්ට පෙනෙන පිණිස ඒ දේවල් කඩිසරලෙස භාවිතාකරමින් එහිම යෙදී සිටින්න.

එබැවින් අපගේ ස්වාමීන්වහන්සේගේ සාක්ෂිය ගැනවත් උන්වහන්සේගේ හිරකාරයෙක් වන මා ගැනවත් ලජ්ජා නොවී, දෙවියන්වහන්සේගේ බලයේ ප්‍රකාරයට ශුභාරංචිය නිසා මා සමඟ දුක් විඳින්න.

එබැවින් තෝරාගත් අයද ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ඇත්තාවූ ගැළවීම සදාකාල තේජස සමඟ ලබන පිණිස, ඔවුන් නිසා සියල්ල ඉවසමි.

ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ යහපත් හේවායෙකු මෙන් දුක් විදීමට පංගුකාරයෙක් වෙන්න.

නුමුත් මා කරණකොටගෙන පණිවිඩය සම්පූර්ණලෙස ප්‍රකාශවන පිණිසත් එය සියලු අන්‍යජාතීන්ට අසන්ට ලැබෙන පිණිසත් ස්වාමීන්වහන්සේ මා ළඟ සිට මා ශක්තිමත්කළසේක. මම සිංහයාගේ කටින් මුදනු ලැබීමි.

නුඹලාගේ ප්‍රධානියෝ ගණන්දෙන්ට සිටින්නන් මෙන් නුඹලාගේ ආත්ම ගැන රුකබලා සිටිති. ඔවුන් සුසුම්ලමින් එසේ කළොත් නුඹලාට අලාභ බැවින්, සුසුම්ලමින් නොව ප්‍රීතියෙන් එසේ කරන පිණිස ඔවුන්ට කීකරුව යටත්වෙන්න.

ඉන්නිසා නුඹලාගේ සිත් නමැති කටි බැඳගෙන සිහි ඇතුව සිට, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ එළිදරව්වීමේදී නුඹලා වෙතට පමුණුවනු ලබන්ට තිබෙන අනුග්‍රහය පිට නුඹලාගේ බලාපොරොත්තුව සම්පූර්ණ ලෙස පිහිටුවන්න.

අවදිව සිට, ඉතිරිවූ, නැසීයාමට ළංවූ දේ ස්ථිරකරන්න. මක්නිසාද මාගේ දෙවියන්වහන්සේ ඉදිරියෙහි නුඹේ කිසි ක්‍රියාවක් සම්පූර්ණ බව මට සම්බවුණේ නැත.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්