මාංසාකාරයෙන් බොහෝ දෙනෙක් පාරට්ටුකරගන්නා බැවින් මමත් පාරට්ටුකරගනිමි.
අපි ක්‍රිස්තුස්වහන්සේ උදෙසා මෝඩයෝය, නුමුත් නුඹලා ක්‍රිස්තුස්වහන්සේ තුළ ප්‍රඥාවන්තයෝය; අපි දුර්වලය, නුමුත් නුඹලා ශක්තිමත්ය; නුඹලාට ගෞරවය ඇත්තේය, නුමුත් අපට ඇත්තේ අගෞරවයය.
ඉදින් මෙසේ සිතීමෙන් මම අස්ථිරලෙස ක්‍රියාකළෙම්ද? නොහොත් එසේය එසේය කියාත් නැත නැත කියාත් මා කියන පිණිස, මා අදහස්කරන දේ මාංසාකාරයෙන් අදහස් කරම්ද?
නුමුත් මා කරන දේ, ප්‍රස්තාවක් සොයන්නවුන්ගේ ප්‍රස්තාව සිඳදමන පිණිස, මතුත් කරන්නෙමි; එසේ කරන්නේ ඔවුන් පාරට්ටුකරගන්නාවූ කාරණයේදී ඔවුන් අප වාගේ පෙනෙන පිණිසය.
පාරට්ටුකිරීම ප්‍රයෝජන නැති නුමුත් එය මට ඕනෑකෙරේ; නුමුත් ස්වාමීන්වහන්සේගේ දර්ශනයන්ද එළිදරව්කිරීම්ද කියන්නෙමි.
මම අඥානයෙක් වී සිටිමි. ඊට නුඹලා මා සැලැස්සුවහුය. මා ගැන සාක්ෂිදෙන්ට යුතුව තිබුණේ නුඹලා විසින්ය. මක්නිසාද, මම කිසිත් නොවෙම් නුමුත් ඔය උත්කෘෂ්ට ප්‍රේරිතයන්ට වඩා කොයි ආකාරයකින්වත් අඩු නොවීමි.
උන්වහන්සේද: මාගේ කරුණාව නුඹට සෑහේය. මක්නිසාද දුර්වලකමේදී මාගේ බලය සම්පූර්ණවෙන්නේයයි මට කීසේක. එබැවින් ක්‍රිස්තුස්වහන්සේගේ ශක්තිය මා කෙරෙහි පිහිටන පිණිස මාගේ දුර්වලකම් ගැන ඉතා සන්තෝෂයෙන් පාරට්ටුකරන්නෙමි.
එහෙයින් මෙතැන් පටන් අපි මාංසාකාරයෙන් කිසිවෙකු දැන නොගනිමුව. මාංසාකාරයෙන් ක්‍රිස්තුස්වහන්සේ දැනගෙන සිටිය නුමුත් අපි දැන් තවත් එසේ දැන නොගනිමුව.
කුමක්හෙයින්ද: මාංසමයවූ සියල්ලෝම තණකොළ මෙන්ය, ඔවුන්ගේ මුළු තේජස තණමල මෙන්ය. තණකොළ වියළීයයි, මල් වැටේ.