පාරට්ටුකිරීමේ විශ්වාසයෙන් යුක්තව මා කථාකරන දේ ස්වාමීන්වහන්සේ අනුව නොව අඥානකමින් මෙන් කථාකරමි.
නුමුත් සෙස්සන්ට ස්වාමීන්වහන්සේ නොව මම කියමි. යම් සහෝදරයෙකුට නොඇදහිලිකාර භාර්යාවක් ඇත්නම්, ඈ ඔහු සමඟ වාසයකරන්ට කැමති නම්, ඔහු ඈ අත් නොහරීවා.
කන්‍යාවන් ගැන ස්වාමීන්වහන්සේගෙන් ආඥාවක් මට නැත. නුමුත් විශ්වාසව සිටින්ට ස්වාමීන්වහන්සේගෙන් දයාව ලද්දෙකු මෙන් මාගේ කල්පනාව කියමි.
නුමුත් මෙය ආඥාවක් කොට නොව අවසරයක් කොට කියමි.
ස්වල්ප අඥානකමකදී නුඹලා මා ගැන ඉවසන්නහු නම් කැමැත්තෙමි. එසේය, මා ගැන ඉවසන්න.
නැත්නම් යම් විධියකින් මකිදෝනිවරු මා සමඟ එන්ට යෙදී නුඹලා සූදානම් නැති බව දුටුවොත්, නුඹලා කොහොම නුමුත් අපි නම් මේ විශ්වාසය නිසා ලජ්ජාවට පැමිණෙන්නෙමුව.